(ඩයනා උදයංගනී)
ජනාධිපති නීතීඥ අභාවප‍්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් රචිත ‘මව්බිම කේවල් තීරුව’ තීරු ලිපි එකතුව කෘතිය එළිදැක්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (12) එළිදැක්විණි.
මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රිකයකු මෙන්ම නීති කේෂ්ත‍්‍රයේ ප‍්‍රවීණයකු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා සුවිශේෂී නඩු රැසකට දායකත්වය ලබාදුන් අයෙකි.
ඔහු විසින් තම වෘත්තීය දිවිය තුළ මෙන්ම, වෙනත් නීතීඥවරුන් මුහුණ දුන් සිද්ධීන් ද ඇතුළත් කරගනිමින් මෙම තීරු ලිපි රචනා කර තිබේ.
හේමන්ත වර්ණකුලසූරිය මහතා ඉකුත් ජූලි මාසයේ අභාවප‍්‍රාප්ත වුවද ඔහු ප‍්‍රිය කළ අයුරින් මෙම කෘතිය එළිදැක්වීමේ උළෙල සංවිධානය කිරීමට ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් කටයුතු කර තිබිණි.
කෘතිය ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයින්ට පිළිගන්වනු ලැබූයේ වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වන අයිරාංගනී වර්ණකුලසූරිය මහත්මිය විසිනි.
මෙහි ප‍්‍රධාන දේශනය පවත්වමින් කෘතිය පිළිබඳ අදහස් දැක්වූයේ ජනාධිපති උපදේශක, දිවයින පුවත්පතේ හිටපු කර්තෘ ගාමිණී සුමනසේකර මහතාය.
තිසාවැව අපවිත‍්‍රවීම වැළැක්වීමේ සටනේදී හේමන්ත වර්ණකුලසූරිය මහතා ලබාදුන් දායකත්වය සිහිපත් කරමින් තිසාවැව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, අනුරාධපුර අභයරාජ පුරාණ සේනාසනාධිපති, පාගොඩ චන්තවංශ හිමියන්, හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ මිතුරකු වන ප‍්‍රවීණ කලාකරු නාමෙල් වීරමුණි මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර පිළිගැනීමේ කතාව සිදුකලේ වර්ණකුලසූරිය මහතාගේ බෑණනුවන් වන කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසිනි. නීතීඥ ශාන්ත හේරත් මහතා ස්තුති කතාව සිදුකළේය.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය සිරිසේන කුරේ, ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්, තක්කඩියන්, මිනීමරුවන්, නීතිය භාවිතාකරමින් මුදවා ගන්න උපක්‍රම මේ පොතෙන් අපට ඉගෙන ගත හැකියි. ඒ වගේම පොත් ලිවීමට වගේම පොත් පෙරලීමටත් මෙතුමා එකලෙස සමත්කම් දක්වා ඇතිබව රහසක් නොවේ. මේ අවස්ථාවට පැමිණ සිටින ආරාධිතයින් පවා, තැනටම ගැලපෙන අයයි.
හපෝ...මෙයාද? ... ඔයිට වඩා හොඳයි, දානයක් දුන්නා නම්...
පුදුම එකතුවක්?
හැමදාම කලේ හොරුන්, තක්කඩියන්, මිනීමරුවන්, නීතිය භාවිතාකරමින් මුදවා ගැනීමයි. දුමින්ද සිල්වාගේ මොලය එළියට ගෙන ඔපරේෂන් කලා කියලා මරුණු මිනිහෙක්ගේ මොලේ පින්තූර උසාවියට ගෙනාවේ මෙතුමා... මිනිහෙක්ගේ මොලේ එළියට අරගෙන ප්‍රතිකාර කරන ක්‍රමය තවම හොයාගෙන නැහැ.
මම මේ ලියන්න ගිය ටිකමයි බද්රානි ලියලා තියෙන්නේ. අර හිරේ ඉන්න කෙනෙක් වෙනුවෙන් කතා කලෙත් මෙතුමනේ...ස්තුතියි ඔබට
මුදලට අසාධාරණය ජයගන්න වෙහෙසිලා අන්තිමට වල පල්ලට - මුදල පැත්තක තියලා යුක්තිය, සාධාරණත්වය ගැන කතාකරන මිනිස්සුනම් වලපල්ලට යන්නේ නෑ.. සදා කල් අප අතර ජීවත්වෙනවා.
අනාගත ජනාධිපති ගෝඨා සහ අනාගත අගමැති තිස්ස ඔය ඉන්නේ..
මේ උත්සවයට ආරාධනා ලබා සහභාගි වී ඇති කට්ටිය ගැන සලකා බැලුවාම අපේ නීතීඥතුමාගේ දේශපාලන නැඹුරුව කොයි පැත්තටද කියල හිතාගන්න පුළුවන්... මේවගේ කට්ටිය තමයි ඔය නාලිකාවල දේශපාලන සාකච්ඡාවලට සහභාගි වෙමින් පුවත් පත්වල ලිපි පලකරවා ගනිමින් සහ යනයන තැන "වොයිස් කට්" දෙමින් රටේ මහජන මතය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්සවා ගන්නට සමත් වුනේ...
පුදුම එකතුවක්නේ... ?
දැන්වත් ඉගෙන ගන්න ඔය ඉන්න ඔක්කොම පාටවල් වෙනස් වුනාට එකම කල්ලියේ අය කියල.
පුදුම එකතුවක්....
බද්රානි, හරියටම හරි....
ගෝඨාභය මහත්තයා ලොකු කල්පනාවක ඉන්නේ මොකද?