(ඡායාරූප චතුර එස් .කොඩිකාර )
කිතුසමිදුන්ගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල් දිනය කරමින් සරත් හෙට්ටිආරච්චි පියතුමා මහා ඝංඝරත්නයට උදෑසන දානය පිරිනැමීම මොරටුව කටුබැද්ද අඹගහවත්ත පාරේ පියතුමාගේ පෞද්ගලික මැදුරේ අද(25) සිදුකෙරිණි.
එම අවස්ථාවට සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු සංඝරත්නය වැඩම කළ අතර දානය පිරිනැමීමෙන් අනතුරුව සරත් හෙට්ටිආරච්චි පියතුමා විසින් රචනා කළ පුරාණ ආගම්, ජනප්‍රිය බුද්ධාගම සහ ශ්‍රී ලංකාවේ කිතුනු ආගම කෘතිය එළි දැක්වීම ද සිදුකෙරිණි.



COMMENTS
දෙගොල්ලාම යන්නේ එකතැනට නිසා මේකේ වැඩි ප්‍රස්නයක් නෑ.
බුදුරජාණන් වහන්සේ අවභෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය කියන්නේ දර්ශනයක් .ඒ දර්ශනය ඕනෙම ආගමක කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් .පටිච්ච සමුප්පාදය සතර සති පට්ඨානය ට ලේබල් ගහල නැහැ .ඒහි පස්සිකෝ ..ඇවිත් බලන්න .
හරිම ධනාත්මක කොමෙන්ට්ස් දෙකක් තියෙන්නේ. නමුත් කව්ද දන්නේ නෑ මේ unlike කරලා තියෙන්නේ.
ආගමික සමගියක් දකින්නවත් අකමැති තමන් විතරක් ලොව සිටිය යුතුයි කියල හිතන කොටසකුත් ඉන්නවනේ.
ආගම් කියන්නේ ඔක්කොම බොරු .... තේරුමක් නැ....
අපි අහුවෙයි මේවට...