(ඩයනා උදයංගනී,ඡායාරූප - ඉෂාන් සංජිව)
ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය මගින් 17 වැනි වරටත් සංවිධානය කරන ‘‘සූප ශාස්ත‍්‍ර හා ආහාර’’ ප‍්‍රදර්ශනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (28) විවෘත කැරිණි.
ආසියාවේ විශාලතම ආහාර ප‍්‍රදර්ශනය මෙය බව එහි සංවිධායකයින් ප‍්‍රකාශ කරන අතර මෙම ප‍්‍රදර්ශනය සෙනසුරාදා (29) සහ ඉරිදා (30) දෙදින පැවැත්වේ.
දිවයින පුරා සිටින ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනූ හා දක්‍ෂ සූපවේදීන්ට තම දක්‍ෂතා ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව ලැබෙන අතර සූපවේදී තරග හා ආහාරපාන ප‍්‍රදර්ශන ද මෙහිදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
මංගල කේක් ආකෘති, බටර් නිර්මාණ, ආහාර සැරසිලි, පාන් සැරසිලි ආදිය ද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.
ඩුබායි, ඉන්දියාව සහ මාලදිවයින ආදී රටවල සූපවේදීන් මේ සඳහා එක්ව සිටින අතර ඊට අමතරව මෙරට හෝටල් 165ක් නියෝජනය කරමින් සූපවේදීහු 1700ක් පමණ ද මේ සඳහා එක්ව සිටිති.
මෙහි පැවැත්වෙන තරග විනිශ්චය සඳහා ලෝක සූපවේදී සංවිධානය නියෝජනය කරන ප‍්‍රකට සූපවේදීන් 31 දෙනෙකු සහභාගීවීමට නියමිතය.




2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’සුප ශාස්ත්‍ර හා ආහාර’ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි
raveenda Friday, 28 July 2017 12:02 PM
වැඩ ජෝන්බස්ට ගීයත් මම පිනට අනුබව කිරීමට නිතරම කැමති කෙනෙකි.
saman Friday, 28 July 2017 01:12 PM
අද නම් තමන්ට ගැලපෙන තැනකට ගිහින් වගේ..
චිත්‍රා Friday, 28 July 2017 02:40 PM
කෝ මේ පබිලිස් මහත්තයා?
chris Friday, 28 July 2017 10:12 PM
Too many cook spoil the සුප් , බලාගන වැඩේ ජෝන් බස්ට යය්.