එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය වසරක් පාසා පවත්වන ලෝක සංචාරක දිනය හා සමගාමීව පැවැත්වෙන "සංචාරක නායකත්ව සමුළුව" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
සංචාරක ක්ෂේත්‍රය හා ඊට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකසන සියලු නිලධාරින්ගේ සහාය ඇතිව ජාතික කතිකාවතක් නිර්මාණය කොට ඒ හරහා කාලෝචිත ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාවට නැංවීම සදහා දායකවීම මෙම සමුථවේ අරමුණ වන අතර අන්තර්ජාතික පර්යේෂණ පරිසංවාධය මගින් විද්වතුන් හා වෘත්තීයවේදින්ට පර්යේෂණ පත්‍රිකා හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙහිදී සැලසේ.
තෙවන වරටත් පැවැත්වෙන සමුළුව සංචාරක හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කර තිඛෙන අතර "සංවර්ධනය සදහා තිරසර සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන" යන තේමාව යටතේ මෙවර එය පැවැත්වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් මෙහි ප්‍රථම දේශනය සිදු කරනු ලැබීය.
විශේෂ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරුණු අතර සංචාරක කර්මාන්තය වෙනුවෙන් අසම සම සේවාවක් ඉටු කළ විශිෂ්ටයෝ සම්මානයෙන් පිදුම් ලැබූහ.
ඒ යටතේ ආදිවාසී ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ, ජ්‍යෙෂ්ඨ සූපවේදී දිමුතු කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා අතින් සම්මාන ලබාගත්හ.





COMMENTS
නායකයෙකු කියන්නේ "කම්කම් බූරු" කියනකොට "සින් සින්නොරු" කියන කෙනෙක් නොවන බව ඔතනට ආපු වැදි නායක ඇත්තොලගෙන් ඇහුවා නම් කියලා දෙයි.
බෞද්ධ ශිෂ්ඨාචාරයකින් පෝෂිත ඒ වගේම බෞද්ධයින් 70% කට වඩා සිටින රටක සංචාරක අමාත්‍යාංශය ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යංශයට පැවරීම නුසුදුසු බව මෙතෙක් පැවති සෑම රජයකටම වාගේ අතපසු වී තිබුණා. දැනට වසර 10 කට පමණ ඉහතදී මා යුරෝපයේ සිට පැමිණි සුදු ජාතික මිතුරන් කිහිප දෙනෙක් සඳහා අනුරාධපුරයේ තානායම් හා හෝටල් කාමර සොයමින් යද්දී තිසා වැව තානායමේ සෑම කාමරයකම ඇඳ ඉස්මත්තේ තබා තිබුනේ බයිබලය සහ ක්‍රිස්තියානි පත පොත පමණයි. එය රජයේ සංචාරක මණ්ඩලය යටතේ පවතිත්දීත් බෞද්ධයින්ගේ මුදුන් මල් කඩක් බඳු වූ අනුරාධපුරයේ රුවන්වැලි සෑය පෙනිපෙනී මෙවැනි නිහීන ක්‍රියාවක් කිරීම තුලින් ක්‍රිස්තියානි ආගමට සෙතක් වන්නේත් නැත. ලංකාවට සෙතක් වන්නේත් නැත. මන්ද ක්‍රිස්තියානි රටවල සංචාරකයෝ ලංකාවට එන්නේ බයිබල් පාඩම් ඉගෙන ගැනීමට නොව විවේක සුවයෙන් කාලය ගත කරන අතර ඉපැරණි බෞද්ධ ශිෂ්ඨාචාරය ගැනත් යම් අවබෝධයක් ලබා ගැනීමටයි. යුරෝපයේ සිට පැමිණි මාගේ මිතුරන්ගේ මතය වුයේද එයයි.