(ප්‍රියානි මංගලිකා)
වෙඩි වැදීමකින් අනතුරට ලක්ව අසාධ්‍යව,ප්‍රතිකාර ලබමින් ,කුඩා පැටියෙකුද සමග ,ගල්ගමුව දේවගිරිපුර ප්‍රදේශයේ කැලෑවක රැඳී සිටි ඇතින්න අද.17 මිය ගිය බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි .
පාදයක උඩ කොටසේ වෙඩි වැදීමෙන් දරුණු තුවාලයක්.සහිතව ඇවීදීමේ අපහසුවෙන් සිටි මවු ඇතින්නගේ එම තුවාලයට ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ බවද පශුවෛද්‍ය ඒකකය පැවසීය.
ඇතින්නගේ කුඩා පැටියාද ඇය අසලම රැඳී සිටින බවද,මසක් පමණ වයසැති පැටියා වනජීවි බාරයට ගත් බවද, පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් පැවසීය.
මරණයට පත්ව සිටින ඇතින්න වයස අවුරුදු 25 ක පමණ සහ උසින් අඩි අට හමාරක් පමණ බවද වනජීවි නිලධාරීන් පැවසීය.
මියගිය ඇතින්නගේ සිරුර පිලිබඳව හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද.නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පැවසීය .
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර වයඹ වනජීවි පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි සහකාර මංජුල විජේපාල ,වන සත්ව නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා සපුමල් බංඩාර, රියදුරු හේරත් යන මහතුන් විසින් ගල්ගමුව වනජීවි නිලධාරීන් ගේද සහය ඇතිව වෙඩි වැදුන ඇතින්නට ප්‍රතිකාර සිදු කෙරිණි .


COMMENTS
අනේ, හරිම දුකක් හිතෙනවා. චූටි පැටියාට මවක් තරම් වටිනවාද අනෙකුත් අය... මම පහළින් තිබෙන සත්තු වත්ත කියන ආටිකල් එකට කමෙන්ට් එකකුත් ඊයෙ ලිව්වා.. ඇතෙකු පිළිබඳව...
වනජීවී කාරයින් අතින් සත්තු සුව වෙනවට වැඩිය මැරෙනවනේ. මේ ගොල්ලන් ඉවක්බවක් නැතුව සත්තුන්ට තද එන්නත් ගහනවා.
ෆොටෝවලට විරිත්තගෙන හිටියට වැඩක් නැහැ..
හිතවත් මහත්වරුනේ... මහත්මියනේ... මේ මගේ "අලි ලියුම " ඔබලාට ලැබෙන විට මම ජීවතුන් අතර නොවෙන්නත් පුළුවන්... මේ මම ඉපදුණු කැලෑව නොවෙයි.. මම ඉපදුණු "අපේ කැලෑව" තියෙන්නේ මේ හරියේ ඉඳලා ඉර බසින දිහාවට දවස් 2 ක ගමනකින් පස්සේ... එ්ත් දැන් ඒ කැලෑව නැහැ.. අපි කෑම හොයාගෙන කාලා.. ඔයට ගිහින් නාලා.. වැව් තාවුල්ලේ වැතිරිලා.. සතුටින් හිටපු කාලය.. ඔය ගොල්ලන්ගේ මිනිස්සු අපිට නැතිකළා. සංවර්ධනයක්ද මොකක්ද එකක් කියලා අපේ කැලෑව එළිකරලා අපිට යනඑන මං නැතිකරපු ඒ නපුරු මිනිස්සු.. ලොකු දළ තියෙන අපේ වරිගයේ අයට ගිනි බිඳලා දල කපාගෙන ගියා. එහෙම තමයි මට මගේ මහත්තයාව ඒ කියන්නේ මේ මගේ ළඟ දැවටී දැවටී ඉන්න මගේ චුටි පුතාගේ තාත්තාව නැතිවුනේ. මම එයාගේ දල කපන්න ඉඩ නොදුන් නිසා ඔයගොල්ලන්ගේ " නපුරෝ " මගේ කකුලට වෙඩි තිබ්බා.. මම චූටි පුතාවත් අරගෙන දැන් ඉන්න කැලෑවට පැනගත්තා. එ්ත් මට අමාරුයි.. වනජීවී එකේ මහත්වරු වරක් දෙකක් මට බෙහෙත් කළා. තුවාලය ඔඩු දුවලාලු. මම ඔබලාගෙන් ඉල්ලන්නේ චූටි ඉල්ලීමක් පමණයි. අනේ මගේ කිරි සප්පයාව කිරි ටිකක් පොවලා බලාගන්න. එයා අහිංසකයෙක්... එයාට තවම තනිවම ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. අනේ.. මම මැරෙයිද...?
ඇත් රැජිණියනි, නුඹේ දිවියට ගිණි බින්ද ... මස් වැද්දා සොයා පීරා වන බැද්ද ... අල්ලා කුදළලා බැට දී කර නිශ්ශබ්ද ... නොකළේ මන්ද ? වන ජීවිය නිදි වද්ද ...
අපිට ඉතින් කවි වලින් කියන්න දන්නෙ නැති වුණත්, මේ අසරණයින්ට ගිනි බිඳින පව්කාරයින්ගේ ක්‍රියාකාරකම් නවත්වන්න. බලධාරින් මොනවාද කරන්නේ කියලා අහන්න කැමතියි.
තව දුවක්කු දෙමු. ඔප්පු වැඩිකරමු..