( වසන්ත චන්ද්‍රපාල)
රාමඤ්ඤ මහ නිකායේ 71 වැනි උපසම්පදා උත්සවය අම්පාර එච්.එම්. විරසිංහ ක්‍රිඩාංගණයේදි පැවැත්විණි. රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නා හිමිගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ කෙරිණි.
ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක කරු ජයසුරිය මහතා සහභාගී වු අතර උසස් අධ්‍යාපන සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ප්‍රාථමික කටයුතු අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගල්ඔය නදි උදකුක්ඛේප සිමා මාලකයේදි අද රාත්‍රි 7.29 උපසම්පදා විනය කර්මය ආරම්භ කිරිමට නියමිතය.
අද 19 ඇරැඹෙන මෙම උපසම්පදා විනය කර්මය මෙම මස 24 වැනි දින දක්වා ගල්ඔය නදි උදකුක්ඛේප සිමා මාලකයේදි පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත. මෙම කාලයේදී සාමනේර භික්ෂුන් වහන්සේලා 400 ක් උපසම්පදා විමට නියමිතව ඇත.







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.