බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක
යාල අභය භූමියට යන කාටත් මේ දිනවල කොටි (පැන්තරා පාදුස්) සැරිසරන අයුරු දැක ගත හැකිය.
ශ්‍රී ලංකාවේ කොටි (පැන්තරා පාදුස්) ගහණය 2000-2500 ක් පමණ බව සඳහන්වේ. ඉන් යාල වනෝද්‍යානයේ කොටි 25 ත් 40 ත් අතර ප්‍රමාණයක් සිටින බව කියති. පහසුවෙන් කොටි (පැන්තරා පාදුස්) දැකගත හැකි අභය භුමි ලෙස විල්පත්තුව සහ යාල අභය භුමිය ප්‍රකටය. බොහෝ සංචාරකයෝ මේ හේතුවෙන් යාල අභයභුමිය නැරඹීමට වැඩි වශයෙන් පැමිණෙති.
ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ යාල අභය භූමියෙහි සිටින දැවැන්ත කොටියෙකු (පැන්තරා පාදුස්) ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ස්වභාවික අධ්‍යනාංශයේ ආචාර්ය ඉනෝකා ප්‍රියදර්ශනී කුඩාවිදානගේ මෙනවියගේ කැමරා කාචයේ සටහන්ව තිබූ අයුරුය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලඟදි මම යාල ගිය වෙලේ කුළු හරක් රැලකට අමතරව වැඩිපුරම දැක්කේ ජීප් රථ පමණයි.
සතුන් දැක ගැනීමට අභය භූමියට යා යුත්තේ උදේ වරුවේ හෝ සවස් වරුවේ දැඩි හිරු රශ්මිය නැති වෙලාවලටයි.
කොතරම් අපූරු දසුනක්ද?
අනේ ඔව් මමත් ලගදි ගියා, අපරාදේ කියන්න බැ අලි රංචුවක් නම් දැක්ක , පාන්දර හතරට නැගිටලා සෆාරි ගියේ කියලා හිතුනා.
මැයි 8 දියවන්නා පැත්තට ගියානං මීට වඩා දරුණු සතුන් දැකගත හැකියි.
ලංකාවේ කොටි නැහැ කියලා දන්නේ නැද්ද? ඔය ඉන්නේ පැන්තරා පාදුස් (Leopard).