IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යාපන වෙඩි තැබීම හෙළා දකිති

(සිතුම් චතුරංග)

යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට එල්ලකළ වෙඩි ප‍්‍රහාරය හෙළාදකිමින් වවුනියාව සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇතුළු පිරිසක් වවුනියාව නගරයේ දී අද (25)  විරෝධතා පාගමනක නිරතවූහ.

විරෝධතාකරුවන් පවසා සිටියේ විනිසුරුවරුන්ගේ ආරක්ෂකයින්ට වෙඩිතැබීම තුළින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක් මතුවී ඇති බවත් රජය මැදිහත්වී විනිසුරුවරුන්ගේ හා නීතීඥයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ය.

උතුරේ කීර්තිමත් විනිසුරුවරුන් නිහඩ කිරීමට කිසියම් කල්ලියක් ක‍්‍රියාත්මක වන බවත් පොලිසිය මැදිහත්ව සැකකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

මීට සමගාමීව මන්නාරම , මුලතිව් , කිලිනොච්චිය හා යාපනය දිස්ත‍්‍රික්කවලද සිවිල් සංවිධාන විරෝධතා පැවැත්වීය.

වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා වෙත හින්දු චාරිත‍්‍රාණුකූලව ඉටිපහන් දල්වා ආත්ම ශාන්තිය ප‍්‍රාර්ථනාකරණු ලැබීම මෙහිදී විශේෂත්වයක් විය.
    
 


    



අදහස් (3)

යාපන වෙඩි තැබීම හෙළා දකිති

බණ්ඩාර-කැකිරාව Tuesday, 25 July 2017 09:30 AM

මේවා දකිනකොට සංහිදියා කාරයින්ගේ ඇස්වලට කටු අනිනවා වගේ ඇති. මැරුණු කොටින්ට පණ දෙන්නෙත්, උඩගෙඩි දෙන්නේත්, දෙමල අන්තවාදී දේශපාලුවන් මිසක් අහිංසක සිවිල් ජනතාව නොවන බව මේ සිදුවීමෙන් හරි රටේ පාලකයින්ට අවබෝධ වේවා!!!

:       0       89

රිස්වාන් ඩුබායි Tuesday, 25 July 2017 11:13 AM

මෙම දර්ශනය දැකලා ඇහැ අගට කඳුලක් ඉනුවා නම් ඔබත් ජාතිවාදිකම් නැති මනුස්සයෙක්

:       0       15

ලපයා Wednesday, 26 July 2017 03:05 AM

උතුරේ මහා ඇමැතියි, ආණ්ඩුකාරයයි කියන දෙන්නට ඔතනට එන්න බැරි හේතුව සංහිදියාව නිසා වෙන්න ඇති.

:       0       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site