(ටී.කේ.ජී.කපිල)
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 ක භට පිරිසක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීහු 20 ක් සහ සෙසු නිලවලට අයත් 223 යුතු භට පිරිසක් ද මෙම රාජකාරී සඳහා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් රැගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයක් එවා තිබිණි.
මෙම භට පිරිස වෙත සුබ පැතීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.




2025 දෙසැම්බර් මස 18
138
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාවේ 243 ක පිරිසක් මාලි රාජ්‍යයට පිටත්ව යති
mihira Wednesday, 13 November 2019 05:15 AM
පරිස්සමින් බුදුසරණයි, දෙවි පිහිටයි.!
ලුම්බිණි Wednesday, 13 November 2019 05:32 AM
සුභ ගමන්!
Chandana F Wednesday, 13 November 2019 08:40 AM
සුබ රාජකාරි වසරක් වේවා... ශ්‍රී ලංකා නාමය දිදුලන්න රාජකාරිය කරන්න හැකිවේවා...