(රොමේෂ් මධුෂංඛ)
අවසන් යුද්දයෙන් මියගිය වැසියන් සිහි කරමින් අද (18) දිනය පුරා මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමමින් හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබුණි.
මුලතිව් හා පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගමය විසින් සංවිධානය කොට තිබූ මෙම හර්තාලය හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී තිබූ අතර වෙළඳසැල් වසා තිබුණද රජයේ කාර්යාල හා බැංකු සියල්ලක්ම විවෘතව පැවතිණි.
කෙසේ වෙතත් හර්තාලය සංවිධානය කොට තිබූ වෙළඳ සංගම් කියා සිටයේ යුද්දයෙන් මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ වෙළඳසැල් අද දිනය පුරා වැසීමට පියවර ගත් බවටයි.




COMMENTS
කොටි බෝම්බ වලින් මියගිය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කවුරුත් නැහැ. එක ඒ අයගේ කරුමේ නිසා වත් ද?
විපුල, ඒක ඒ උදවිය සිංහල වීමේ වරද!
දෙමළට දෙමළා ගැන කැක්කුමක් තිබුනට, සිංහල දේසපාලන බල පෙරේතයන්ට දේවත්වයෙන් ගැතිකම කරන සිංහලයන්ට තමන්ගේ ලෙයින් මසින් උපදින අනාගත සිංහලයා ගැන කැක්කුමක් නැහැ. ඒ නිසා සිංහලයාට රිදවා හෝ සිංහලකම ඉගැන්විය යුතුය. එදාට සිංහලයා රැකේවී.
අනේ අපේ අර මායිම් ගම් වල එක රෑට මුළු ගමක් ගැනේ මරල දාපු අහිංසක පවුල් ගැන කතා කරන්න අපේ කවුරුත් නැති හැටි. මට මතකඊ ගැබිණි අම්මලාව කපල දාල තිබුණු හැටි. එතකොට කටේ කිරි සුවඳවත් ගිය නැති අහිංසක පොඩි පැටවූ පොලවේ ගහල මරපු මේ කොටි ත්‍රස්තවාදීන්ට ස්මාරක හදන රටක ඉන්නන තරම් අපි පවු කරලදෝ කියල මට හිතෙනවා.