IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මන්දකට හසු වී දිවියෙක් මරුට

(රංජිත් රාජපක්ෂ )   

                 
හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරූ  දැවැන්ත  දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වී මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය  පවසයි.
 
කිසියම් පිරිසක් වල් ඌරන් දඩයම් කිරීම සදහා අටවා තිබූ මන්දකට දිවියා හසු වි ඇති බව පොලීසිය පවසයි.
 

පසුගිය කාලයේ ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන්  දිවියන් සැරිසැරීම නිසා වන ජීවී නිලධාරීන් තේ වත්තේ සැරිසැරූ දිවියන් රක්ෂිතවලට පලවා හැරීමට විශාල මෙහෙයුමක්ද කළේය.
 
අඩි 4 ක් පමණ දිගකින් සහ අඩි 3 ක් පමණ උසකින් යුත් හොදින් වැඩුණු මෙම දිවියාගේ උදරය  මන්දට හසු වී ඇති අතර මන්දෙන් බේරීම සදහා දිවියා උත්සහ කළ අවස්ථාවේ දිවියා එම මන්දට හිර වී මිය ගොස් ඇතැයි ඔවුහු කියති.
 



අදහස් (5)

මන්දකට හසු වී දිවියෙක් මරුට

lanka Saturday, 16 February 2019 09:39 AM

දිවියා මන්දට අසුවී මිය යාම කණගාටුදායක වුවත්, මේ වත්තේ වැඩකරන සේවකයින්ට දිවියාගෙන් හානියක් නොවූ එකත් හොඳ දෙයක් යයි සිතමි.

:       46       15

Samathasena A . Aluthgamage. Sunday, 17 February 2019 02:55 AM

මිනිසා වැසි වනාන්තර එලි පෙහෙළි කොට වගා කළා. සතුන්ට අයිති බිම් අල්ලාගෙන ඔප්පු තිරප්පු හදා ගත්තා.අනේ ! වන සතා සිව්පාවා සීමාවන්ට කොටුවුනා. මේ සතුන් චන්ඩ වෙන්නේ දරුණු මිනිසා ඉදිරියේදීයි. මේ සතුන්ට පුඩු තබා අල්ලලා නොමිනිසුන්ට දඬුවම් කිරීමට වන ජීවී එකට බැහැ. ලොකුවට බෝඩ් ලෑලි, සැපපහසු වාහන ඇතුළු සියලු පහසුකම් ඒ අය ලබන්නේ මේ වන සතුන් නිසයි. මේ වැනි දුර්ලභ වන සතුන් මෙසේ මරා දමන රටක වන ජීවී අමාත්‍යාංශයක් කුමකටද ? ඔප්පු නොතිබුනාට වන සතුන්ටද මේ පොලෝ තලය අයිති බව මස් වැද්දෝ නොදනිති. පරිසර තුලනයට මෙම සතුන්ද අවැසි බව මෝඩයෝ නොදනිති. මේ රටේ වගාවන් වලට මුවාවී වනසතුන් සංහාරය කෙරෙනා බව වන ජීවීය නොදනී. ඒවා වැලැක්වීමට ඔවුනට උවමනාවක් නැත්තේමය. තලගොයා, ගෝණා මීමින්නා, මුවා ඉබ්බා ආදී සතුන් දුටු තැන මරා කති. වනජීවී නීතිය පොතට පමණය. ක්‍රියාව සඳහා නොවේ. වන සතුන්ගෙන් වනය නොබෝ කලකින් හිස්වූ විට වනජීවියද නිරතුරුවම වැසීයනු ඇත. පාරිසරික තුලනය නොමැතිවීමෙන් මිනිසාටද ප්‍රශ්ණ ඇතිවෙයි.

:       3       109

sandy123Monday, 18 February 2019 06:37 AM

ඔබේ වටිනා අදහස් වලට තුති...!!!

:       3       53

asankaMonday, 18 February 2019 11:52 AM

සමතසේන, ඔබේ අදහස් නගරයක සැප පුටුවක ඉඳගෙන කරන ප්‍රකාශ ලෙසයි මට හැඟෙන්නේ. පසුගිය ශත වර්ෂයේ මුල් භාගයේ කොළඹ ප්‍රධාන නගරයට දකුණින්, ගාල්ල දක්වා වූ භුමි බාගය වනයෙන් වැසුණු ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක් විය. නමුත්, අද එම ප්‍රදේශ අතීතයේ තිබු කැලෑ එලිවී ජන ගනත්වයෙන් ඉතා අධික, අධිවේගී මාර්ග ඇති ප්‍රදේශ බවට පත්වී ඇත. එසේනම්, එවැනි ප්‍රදේශ එලිවී ඒවායේ සිටි සතුන් පලවා හැරීමත් වරදක්ද? කුඩාරටක ජනගහනය වැඩි වනවිට කැලෑ එලිවීම යථාර්තයකි. වන ජීවී අමාත්‍යාංශයට රටේ සතුන් සිටින තැන් සියල්ල වටකොට වැටවල් බැඳිය නොහැක... ඔය දිවියන් කොළඹ අවට ප්‍රදේශයේ සැරිසැරුවා නම් ඔවුන්ගේ ඉරණම කුමක් විය හැකිද?

:       0       0

Samathasena A . Aluthgamage.Friday, 22 February 2019 09:26 AM

අසංක මහතා, ඔබතුමාගේ අදහස් මා ගරු කරමි. ඒත්, ඒවා සත්‍ය නොවන බව කණගාටුවෙන් පවසමි. නගරයක ඉපදීම, සැප පුටුවක සිටීම සත්‍යය දැකීමට බාධාවක් නොවේ. ඒවා සැබෑ වුණත්, මා ගහකොළ, සතාසිව්පාවා සමග සමීපව සිටිනා කෙනෙකි. එමෙන්ම මාගේ අදහස් මා ප්‍රායෝගිකව ලත් අත්දැකීම් හා බැඳී පවතී. මා කී දේ ඉහත සැන්ඩි මහතා මෙන් ඔබතුමා දුටුවේ නැත. මා කී දේහි වරදක් තිබේ දැයි නැවත සිතා බලන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site