(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත් සභාවේ අවසන් සැසි වාරයේ රැස්වීම අද (02) වැනිදා පැවැති අවස්ථාවේ දැනට කාලය අවසන්ව ඇති සියලු පළාත් සභාවල මැතිවරණ ඉක්මනින් පවත්වන ලෙස රජයට බල කරමින් මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොහොට්ටුවට සහාය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි බැඳ පුවරු රැගෙන සභාව මැද විරෝධතාවයක නිරත වූහ.
මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභා රැස්වීම පැවැති අතර එහිදී සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි බැඳ පුවරු රැගෙන සභාව මැදට පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
මෙහිදී ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ දැනට කාලය අවසන්ව ඇති පළාත් සභාවල සහ ලබන 8 වැනිදා කාලය අවසන් වන මධ්‍යම ඇතුළු අනෙකුත් පළාත් සභා සඳහා ඉතා ඉක්මනින් මැතිවරණය පත්වන ලෙසත් එම මැතිවරණ පැවැත්වෙන දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙසත්ය.
මෙම විරෝධතාවය හේතුවෙන් සභාපති එල්.ඩී.නිමලසිරි මහතා සභාව විනාඩි 10 කට කල් තැබූ අතර පසුව සභාව නැවත ආරම්භ විය.
මෙම විරෝධතාවයට එජනිස නියෝජනය කරන පොහොට්ටුවට සහාය දක්වන මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,තිලක් රාජපක්ෂ, කමල් බෙලිගොල්ල,වීරසිංහ අලුත්ගමගේ,එම් උවයිස්,නිමල් පියතිස්ස,තිලක් බණ්ඩාර රෝහණ දිසානායක,එස්.බී රත්නායක,ඇතුළු මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.




COMMENTS
මල කෝලන්
පොටෝ ගහන කෙනත් එක්ක තේ බොනගමන් අහනවා අපේ පොටෝ එක හොඳට ගත්තා නේද කියලා. මේ සෝබන වැඩ හිතේ අපි රැවටෙයි කියලා.
නරකද විරෝදතාවය පෙන්වන්න බෙල්ලේ ලනුවක් දාගෙන එල්ලුනානම්.