





''මතින් නිදහස් රටක්'' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ රාජ්‍ය නිලධාරින් ඇගැයීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළදවීම, ක්‍රියාකාරී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04 ක් සදහා සහ ක්‍රියාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සදහා ඇගැයිම් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එම අවස්ථාවේ ඡායාරූප ඉහතින් දැක්වේ .
(36698)
COMMENTS
නීතිය හරිද? වැරදිද? අපි දන්නැහැනේ.. තොග මුදලාලියෙක් එළියට ආවනේ.. කුඩුවලට දින දින තරුණයින් බිලිවන්නේ... අමතකද උඹලාට මේ අපේ දරුවන්නේ...?
හොඳදෙයක් කාලීන අවශ්‍යතාවයක්... එ්ත් මේ ඡායාරූප දකිනකොට හිතෙනවා සමහර දේශපාලකයෝ ගරු ජනාධිපතිතුමා එක්ක ඉන්නේ රෙදි ඇඳගෙනද කියලා...
දිවුරුම් නම් එමටයි. මේ දිව්රුම් කීයෙන් කී දෙනාද පිළිපදින්නේ? විශේෂයෙන් දේශපාලකයෝ. සතේකට විශ්වාස නැහැ. ඔය එක්කම අපේ බදු මුදල් නාස්තිකරන මීඩියා ෂෝ විතරයි. අවශ්‍යතාවයක් තියනවා නම් මෙය සහමුලින්ම අතුගා දමන්න පුළුවන්... නමුත් කයිවාරුව විතරමයි. අපේ රටේ දේශපාලකයෝ කියන්නේ එහෙම අයයි. ඉස්සර අපි දේශපාලනය ඉගෙනගන්න කෙතරම් ආසද? දැන්නම් දේශපාලනය කතා කරන්නවත් කැමති නැති. එච්චරටම අප්‍රියයි.
මාර වැඩ පිළිවෙලක්. වෙන රටවල් වල ඉතාම රහසින් පොලිස් නිලධාරීන් යවලා තමයි මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්නන් අල්ලලා මත නැතිකළේ. මෙහෙ සේරම පොලිස් නිලධාරීන්ගේ මුහුණු පත්තරේ දාලා, නටලා, බෙරගහලා, තමයි මත නැති කරන්න යන්නේ... අවුරුදු ගණනක් රට අබමල් රේණුවකින්වත් සංවර්ධනය කරගන්න බැරිවුණු මේ ගොන්රැල කවදා නම් මත නැති කරන්නද? බලන් ඉන්න. අත දික්කරගෙන උන්නම කුඩු මුදලාලිලා කුඩු ගෙන්වන එක නවත්වයි.
මේවා අපි දුක් මහන්සියෙන් හම්බකර ගෙවන බදු මුදල් නාස්ති කරන බොරු සෝබන මීඩියා ෂෝ විතරමයි. වෙන කිසිම අර්ථයක් නැහැ. දේශපාලකයෝ දිවුරන දිව්රිල්ලට රට කොහේදෝ ගිහින්. අපේ රටේ දේශපාලකයෝ බොහොම ප්‍රසිද්ධියක් උසුලනවා.. එකක් කියලා තවත් එකක් කරන්න. සතයකට විශ්වාස කරන්න බැරි උදවිය. තමන් හිතට එකඟව හරි කෙලින් හරියට වැඩ කළානම් මේවා මේ රටෙන් තුරන් කරන්න මහා ලොකු දේවල් නෙමෙයි. අවශ්‍ය නීති සම්පාදනය කරලා ක්‍රියාත්මක කරන්න බලය දී ඇඟිලි නොගහා හිටියා නම් අපිට මේ දේවල් අහන්න දකින්න වෙන්නේ නැහැ.
පොඩ්ඩක් අත ඉස්සුනා නම් මොකද වෙන්නේ...? දන්නවද?
ඕක අර හිට්ලර්ගේ ආචාරය නේද?
බොරු කයිවාරු කිව්වේ මොනවද කියලා හෙට මතක නැහැ. ඊයේ තඩි කුඩ්ඩෙක් ඇපපිට නිදහස් කළා.
අතිගරු ජනාදිපතිතුමනි මුස්ලිම් රටවල් වලින් එන සියලුම ගුවන් මගින් පරික්ෂා කරන්න වැඩ පිළිවලක් හදන්න. විශේෂ කාර්ය බලකාය වගේම ශරීරය පරික්ෂා කරන උපකරණ ගෙන්වන්න. ඔබතුමා ඉතිහාසගත වෙනවා මේ රට කුඩු වලින් බේර ගන්න කරන සටනෙන්
ඉස්සෙල්ලම ඉස්කාගාර තැබෑරුම් වහලා දාන්න. මේවගේ වැඩවලට මහජන මුදල් නාස්ති නොකර.
අපිට ඕනේ වැඩ.
හාමුදුරුවරුවත්,මෙතන පොරොන්දු වෙන ළමයි වත්, කුඩු බිස්නස් කරන්නේ නැහැ. සුදු ඇඳගන කුඩු බිස්නස් කරන දේශපාලකයන් මෙතනත් ඇති. මහා ලොකුවට අත් දික්කරලා පොරොන්දු වෙන්නේ. ඒවත් අනික් පොරොන්දු වගේම තමයි. සමහර දේශපාලකයන් දැක්කම ඔවුන් නිරයේ වැටිලා ලෝදිය බොන හැටි මතක් වෙනවා. ඒමදිවට උත්සවේ අලංකාර කරන්න සමනල්ලුත් ඇවිත්.
ලංකාවේ වැඩි හරියක් අරක්කු තැබෑරුම් තියන්නේ දෙශපාලකයන්න්ට බව අනාවරණය වෙලා තියනව.
ඔය ගමන්ම අපි මීගමුවෙත් එකක් තියමුද? ඇයි ඉතින් අපේ ලන්සා මහත්තයා කැප වීමෙන් මේ සබ්ජෙක්ට් එක කරන කෙනෙක්නේ...