පිළිකා රෝගය වැළදුන පුද්ගලයන්ට ලබා දෙන කීමෝ තෙරපි ප්‍රතිකාරය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කලඹක් (විග්) නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස් ” එක්ව ආරම්භ කර තිබේ.
එහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් අද (20) බොරැල්ලේ රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්විණ.
එහිදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වකීය කෙස් කළඹ පරිත්‍යාග කිරීමට වයස් බේදයකින් හා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පිරිස් පැමිණ සිටීමද විශේෂත්වයක් විය.
ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹක් සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණය ඇති ශ්‍රී ලංකාවේ එකම සැකසුම් ශිල්පියා ලෙස සැලකෙන ලලිත් ධර්මවර්ධන මහතා මේ සඳහා තාක්ෂණික සහයෝගය දක්වන අතර ඕනෑම පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම රමණී ප්‍රනාන්දු සැලෝන් ආයතනයකට ගොස් තම කෙස් කළඹ පරිත්‍යාග කිරීමට හැකියාව ඇත.
ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක වෙළඳපල වටිනාකම දළ වශයෙන් රුපියල් එක් ලක්ෂ අනූ දහසක් පමණ වන නිසා එය අසරණ පිළිකා රෝගී පුද්ගලයකුට කිසිසේත් දරා ගත නොහැකි මුදලකි.
ඒ නිසා තම හිස කෙස් ගැලවීයාම හේතුවෙන් ඔවුනට ඇතිවෙන මානසික පීඩනය අවම කිරීමේ අරමුණ පෙරදැරිව මෙම සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළ බව පිළිකා සරණ භාරය හි සභාපති වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා පැවසීය.
“අපි මේ පිළිකා සරණ භාරය පටන් ගත්තේ ලංකාවේ අසරණ පිළිකා රෝගීන්ට හැකි උපරිමයෙන් යම් හෝ උදව්වක් ලබා දෙන්නයි. කතානායක කරූ ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය මිය ගියෙත් පිළිකා රෝගය හා සටන් වැදිලයි. ඇය ඉතා උතුම් කාන්තාවක් , ඇය සිය ජීවිතයට තිබෙන ආශාව අත්හැර කීමෝ තෙරපි ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කළා. එයට හේතුව ඇය සිය දෙවන දරුවා බිහි කරන්නට සිටි ගැබිණියක් නිසා. මොකද ඇය තදින් විශ්වාස කලා කීමෝ තෙරපි ප්‍රතිකාරය ලබා ගතහොත් සිය මෙලොව එලිය දකින්නට සිටින දරුවාට එය ඉතා අහිතකර ලෙස බලපාවි කියලා. ඒ නිසා අය දරුවා නිසා සිය ජීවිතය පරිත්‍යාග කලා. ඇයගේ අකල් වියෝව නිසා තමයි කරූ ජයසූරිය මහතා සමග ජයසූරිය පවුලේ සාමාජිකයන් එකතුව මෙම පිළිකා සරණ භාරය පටන් ගත්තේ. ඉතින් මම මුළු මහත් ශ්‍රී ලංකික ජනතාවගෙන් මේ මොහාතේ ඉල්ලා සිටිනවා මේ කෙස් කළඹ ලබා දීමේ සත්කාරය සඳහා පුළුවන් හැමෝම දායක වෙන්න කියා“ යැයි වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා පැවසීය.
මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතාගේ බිරිඳ වෛද්‍ය වසන්තා ජයසූරිය, හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතගේ බිරිඳ ශ්‍රීමා දිසානායක , රමණි ප්‍රනාන්දු සැලෝන් හි අධිපතිනි රමණි ප්‍රනාන්දු හා වෛද්‍ය ලංකා දිසානායක යන මහත්මීහු එක්ව සිටියහ.
(සටහන / ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ කාරුණික ක්‍රියාව ඉතා ඉහලින් අගේ කරමු!.
ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පරිත්‍යාගශීලීත්වය ලෝකේ කොහෙවත් නැහැ. හැම කෙනාටම නිරෝගී සුවය පතනවා , මතු අත්මයකවත් මෙවැනි ලෙඩ රෝග වලට ගොදුරු නොවේවා
ඔන්න මනුස්සකම. හිතාගන්නත් බැරි තරමට තරුණ පරපුරගේ සිතුවිලි වෙනස්වෙලා. සාදු. සාදු. රටේ අත්‍යාවශ්‍යයෙන්ම ඇතිවෙන්නොන ආකල්පමය වෙනස, නැගී එන තරුණ තරුණියන්ගෙන් දැකීම ඉතාමත් සතුටට කරුණක්.
මෙම අපහසුතාවය ඇති අයගේ මානසික සුවය වෙනුවෙන් ඔබසැම කල මෙම දන්දීම බොහෝ අගය කරමි.
දෙවියන් ඉන්නේ දෙවොලේ නොව මෙවැනි මිනිසුන්ගේ හදවත් තුලයි.
මෙවැනි උතුම් දේවල් රටට හොද ආදර්ශයක්, බොරු සෝබන නැතිව මේ කරන ඇති උතුම් කාර්යයට සහභාගි වූ සියලුදෙනාටම ගොඩක් ස්තුති. තමාගේ ජීවිතේ කරගන්න ලොකුම පිනක්
මේ සමාජ සත්කාරය සංවිදානය කරපු, හිසකෙස් පරිත්‍යාග කරපු හැම දෙනාටම ගොඩක් පින්. මේවගේ හොද දේවල් වලට මීට වඩා මාධ්‍ය වලින් ප්‍රචාරයක් දෙන්න.
මේකටත් මෝඩ අදහස් දන්නේ නැතුව, මේ සත් ක්‍රියාව අගය කරමු.
අපේ මිනිස්සු කොහෙත් ජාති භේදයකින් තොරව පරිත්‍යාගශීලීනේ... ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
මෙන්න මේ වගේ සත් පුරුෂයන් තමා අපේ නායකයෝ වෙන්න ඕන! අපි පින්කරලා තියනවා මේවා දකින්න.
අගය කළයුතු උතුම් ක්‍රියාවක්. මෙවැනි රෝගීන් වෙනුවෙන් වියදමක් නොමැති ව කළ හැකි තවත් එක් දෙයක් තිබේ. එනම් විකිරණ ප්‍රතිකාරය ට යොමුවීම ට පෙර ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵල පිළිබඳව රෝගියා සහ ඔහු/ඇයගේ නෑ හිතවතුන් හොඳින් දැනුවත් කිරීම සහ තාවකාලික ව සිදුවන එම හිසකෙස් හැලීයෑම වැනි ප්‍රතිඵලයන් මැදිහත් සිතින් බාර ගැනීම ට ඔවුන් ව පුහුණු කිරීම. පිළිකා රෝගය මාරාන්තිකයි. එසේම එය සමාජයෙන් වසන් කිරීමට ද නොහැකියි. සුදුසු සෞඛ්‍ය තත්ත්වයක සිටීනම් රෝගීයා ට විකිරණ ප්‍රතිකර්මය ලබා දීම බොහෝවි ට නිර්දේශ කෙරේ. එබැවින් මුඩු හිසක ඇති සුන්දර බව රෝගියා හෝ ඔහු/ඇයගේ නෑ හිතවතුන් අවබෝධ කර නොගතහොත් තාවකාලික පිළියමක් ලෙස පලඳින විග් එකෙන් ඔවුන් සැහීම ට පත් නොවේ. (මා හට මෙය ලිවීම ට සිත් වුයේ මුඬුකළ හිසක් ඇති තරුණ රූපලාවන්‍ය ශිල්පිණිය එවැනිම මුඬු හිසක් ඇති රෝගි තරුණිය ට විග් එකක් පළඳවන ආකාරය දැක්වෙන ඡායාරූපය දැකීම හේතුවෙනුයි)
සියලු සත්වයන් ලෙඩ දුක්, ජරාවට සහ මරණයට යටත් බව බුදුපියණන් වහන්සේ වදාල සේක. එකම පිළියම අවිද්‍යාවෙන් මිදී නිවන් අවබෝධ කර ගෑනීමට ඈති ඒකායන මාර්ගය වන සතිපට්ඨානය වෑඩීමයි. එවිට මමත්වයෙන් මිදී නිවන් අවබෝධ වෙයි. මෙහිදී අවශ්‍ය වන්නේ අනිත්‍ය අවබෝධ කර ගැනීමට සහ ඒ සදහා ඒ ඒ අයට උපකාර කිරීමයි. ජීවිතයේ ඇතී අනිත්‍ය ස්වබාවය වසන් කිරීමට උපක්‍රම යෙදීම නිෂ්පල සහ බුදු දහමේ ඇත්ත ස්වබාවය අබිබවා යෑමට දරණ මෝඩ ක්‍රියාවකි.
මේක හොඳ වටිනා ක්‍රියාවක්....
කෙනෙක් හිත සතුටින් තවත් කෙනෙක්ගෙ හිතක් සතුටු කිරීමට යම් දෙයක් ලබා දෙන්නෙ ද එය ඇයගෙ ඔහුගෙ හිත සුව පිනිස වන්නෙද අයහපතක් නොවන්නේද එය අපේ සිතේ හටගන් උතුම් සත් ක්‍රියාවක චේතානවකි. මෙය ඇගේ කොටසක් දන් දීමකි. තෙරුවන් සරණයි
මාත් කැමැතියි කොණ්ඩේ දෙන්න...
මටත් හිසකෙස් දෙන්න ඕනැ. මම තිස්සමහාරාමයේ ඉන්නේ... කොහොමද දෙන්නේ කියලා විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද?
මගේ දුවලා දෙන්නා කොන්ඩේ දන් දෙන්න කැමතියි.. කොහෙටද දෙන්න ඕනේ..?
මම දෙපාරක් කොණ්ඩේ දුන්නා... තව පාරක් කොණ්ඩෙ දෙන්න කැමැතියි. දැන් කොණ්ඩෙ වැවිලා. කොහොමද දෙන්නේ..?
Online කොහොමද කොණ්ඩේ දන් දේන්නේ