(ෂෙල්ටන් හෙට්ටිආරච්චි )
නුවරඑළිය මහගස්තොට ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි එහි විහාරාධිපති ධම්මින්ද හිමියෝ අද (24) නුවරඑළිය පොලිසියට පැමිණිලි කළහ.
එම විහාරස්ථානය ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු ග්‍රෙගරි වැව පාලම අසලදී සාමකාමී උද්ඝෝෂණයක් කළහ.
එම විහාරස්ථානයේ සංඝාවාසය හා ධර්ම ශාලාව පිහිටා ඇති ඉඩම් කොටසට හිමිකම් කියන පුද්ගලයකු අදාළ ලියකියවිලි ඉදිරිපත්කොට ඇතැයි ද විහාරස්ථානයේ ධර්ම ශාලාව කඩා දමා ඇතැයි ද විරෝධතාකරුවෝ කියති.
විහාරාධිපති හිමියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනය කර කඩිනමින් අධිකරණයට කරුණු දක්වන බව නුවරඑළිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත බණ්ඩාර මහතා ප්‍රදේශවාසීන්ට දන්වා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් රටක්
වෙනස සැපයි නේද දැන්. ඔහෙලත් යහපාලනේටද ඡන්දෙ දුන්නේ? එහෙනම් ඉතින් විදවපල්ලා.
මෝඩ දහම් , මේකට යහපාලනේ ඇති සම්බන්දය මොකක්ද ? ඔයාගේ ඉඩමක පන්සලක් හැදුවොත් ඔය නිකන් ඉන්නවද. ඔය බෝර්ඩ් අල්ලාගෙන ඉන්න අයෙක් තමාගේ ඉඩමක් දෙයිද පිනට ?
දැන් හරිනේ.. ප්‍රශ්නේ විසදුනා.. දහම් මහත්තයා එයාගේ ඉඩම දෙන්නම් කිව්වා ... උද්ගෝෂණය සාර්ථකයි..
ශ්‍රීමාලි වගේ තමන් හෙන බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ට පේන්නේ නෑ මේ පන්සල් කැඩිල්ලයි, බුදු පිලිම කැඩිල්ලයි, පිරිත් වලට විරුද්ධව නඩු දැමිල්ලයි ආවෙ යහපාලන කාලේ කියල. නීතිය බල්ලට ගිය රටේ බලු වැඩ බලන් ඉන්න තමයි වෙන්නේ.
ඉතින් ඔයාල මරාගන්නේ මොකද මේකට පොලිසියට මැදිහත් වෙන්න ඉඩදීලා ඔයාල නිකම් ඉන්නකෝ . බොරුවට එක එක දේශපාලන හාල්පාරුවෝ ගැන බොරු සම්මාන ප්‍රදානය කරන්නේ නැතිව. ඔයාලට නම් පුදුම අමාරුවක් තියෙන්නේ මේ දේශපාලුවෝ ගැන.සමහර විට ඔයාල එයාලට කඩේ යනවා ඇති මට නොතේරුනාට.
කාක්කෝ පහරල බෝ ගස් හැදිච්ච හැමතැනම පන්සල් හදාගෙන, රකින සීලෙකුත් නෑ දෙසන ධර්මෙකුත් නෑ.