(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
විජය පුවත්පත් සමාගමේ ශිරානි ගල්ලෑල්ල, ගයාන් සූරියආරච්චි සහ සුබෝධිනී පෙරේරා යන මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කරනු ලැබූ ග්‍රන්ථ කිහිපයක් අද(19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එළිදැක්විණි.
සමනල ප්‍රකාශන ආයතනය විසින් නිරෝගීමත් දැයක් බිහි කිරීමේ අභිලාසයෙන් සෞඛ්‍ය කරුණු අන්තර්ගත ග්‍රන්ථ 7ක් එසේ එළිදැක්වුණු අතර පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් උපාලි වනිගසූරිය මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
සතුට අහිමි මනසට පිළියම්, සන්ධි රෝග, ජීවිතය විඳින්න දියවැඩියාවෙන් මිදෙන්න, අවදානමෙන් මිදී මවක් වන්න, සුවබර දිවියයි භෞත චිකිත්සාවයි, සිතේ මැවෙන ගත ලෙඩවෙන මනෝ රෝග සහ සෙනෙහසේ කිරි සුවඳ යන ග්‍රන්ථ හත එසේ එළි දැක්විණි.
වෛද්‍යවරුන් වන අනිල් සමරනායක, හරිඳු විජේසිංහ, ආචාර්ය සුජීව වීරසිංහ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසක් ද, මාධ්‍යවේදීන් හා ග්‍රන්ථ ප්‍රකාශකයින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.









COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.