(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට අද (14) කටයුතු කර තිබුණි.
කිසිදු දිනක මෙරටට පැමිණ නැති දුර්ලභ ගණයේ පක්ෂියෙකු බවට තොරතුරු ඇති මෙම සත්වයා අනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.
මෙම පක්ෂීයාගේ තටු සැළලිහිණියකුට සමාන බවත් එක් තට්ටක් සෙන්ටිමිටර් 109 ක් දිගින් යුතු බවද වන ජීවි නිලධාරීහු පවසති.
ඊයේ (13) වැනිදා රාත්‍රීයේ මෙම පක්ෂයා මුතුපන්තිය දූපතට පැමිණ ඇති අතර පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව හොයා ගෙන ඇති බව කියයි.
හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාලියෙකුගේ පාද වලට සමාන බව වන ජීවී නිලධාරීහු කියති.
ආනවිළුන්දාව කුරුලු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වන ජීවී නිලධාරීහු සදහන් කරති.
මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සදහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කරන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි ආරක්ෂක ආර්.කේ.සෝමචන්ද්‍ර මහතා පැවසීය.



COMMENTS
ඉබාගාතේ යන ඇල්බට්‍රොස්, හිම සහිත ඇල්බට්‍රොස්, සුදු පියාපත් සහිත ඇල්බට්‍රොස් හෝ ගූනි [3] (ඩයොමෙඩියා එක්සූලන්ස්) යනු දකුණු සාගරයේ රවුම් ධ්‍රැවීය පරාසයක් ඇති ඩයොමෙයිඩ් පවුලෙන් ආ විශාල මුහුදු පක්ෂියෙකි. එය විස්තර කරන ලද අවසාන ඇල්බට්‍රොස් විශේෂය වන අතර දිගු කලක් තිස්සේ ට්‍රිස්ටන් ඇල්බට්‍රොස් සහ ඇන්ටිපෝඩියන් ඇල්බට්‍රොස් යන විශේෂයන් ලෙස සැලකේ. කතුවරුන් කිහිප දෙනෙක් තවමත් එකම විශේෂයේ සියලුම උප විශේෂ ලෙස සලකති. [4] මෙම විශේෂය බෙදීම සඳහා SACC යෝජනාවක් මේසය මත තබා ඇති අතර [5] බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් දැනටමත් එය බෙදී ඇත. ඇම්ස්ටර්ඩෑම් ඇල්බට්‍රොස් සමඟ එක්ව එය ඉබාගාතේ යන ඇල්බට්‍රොස් විශේෂ සංකීර්ණය සාදයි. ඉබාගාතේ යන ඇල්බට්‍රොස් දකුණු ඩයොමෙඩියා (මහා ඇල්බට්‍රොස්) කුලයේ විශාලතම සාමාජිකයන් දෙදෙනාගෙන් කෙනෙකි. එය දකුණු රාජකීය ඇල්බට්‍රොස්වලට සමාන වේ. එය ලොව විශාලතම පක්ෂීන්ගෙන් එකක් වන අතර ඕනෑම ජීවී පක්ෂියෙකුගේ විශාලතම පියාපත් ඇති අතර ලෝකයේ වඩාත්ම දන්නා සහ අධ්‍යයනය කරන ලද පක්ෂි විශේෂයකි. මෙයද බොහෝදුරට කුරුල්ලන්ගෙන් එකෙකි.
පක්ෂියා කවුද කියලා දන්නේ කවුද? රජයේ අනිකුත් නිලධාරීන් වගේ වනජීවී නිලධාරිනුත් තමන්ගේ විශයපථයට අදාල මේ පක්ෂියා ගැන මුකුත්ම දන්නේ නැතුව ඇති...
මේ ෆ්රිගට් බර්ඩ් නමැති මුහුදු පක්ෂියකුගේ ගැහැණු සතෙකි.