(ළහිරු හර්ෂණ)
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරතවීම සදහා කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණියේය.
කොළඹ නවකොරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් ඇතුළු සංඝරත්නය ආශීර්වාද පිරිත් සජ්ජායනය කිරීමෙන් අනතුරුව ගංගාරාම විහාරාධිකාරී ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමියන් සධාතුක කරඩුව හිස මත තබා ආශිර්වාද එක්කළහ.
ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය වරයා සදහන්කර සිටියේ සියලුම ජාතීන් අතර සමගිය ආරක්ෂාකර සියලුදෙනාට සමගි සම්පන්නව ජීවත්විමට හැකි රටක් බවට ලංකාව පත්කිරීමට තමා කටයුතු කරන බවත්, මෙවැනි අර්බුදකාරී තත්වයක් යටතේත් තමා කෙරෙහි විශ්වාසය තබා මෙම අමාත්‍යංශය බාරදීම පිළිබඳව ජනාධිපති තුමාටත් අගමැති තුමාටත් ස්තූතිය පිරිනමන බවයි.
වැදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකර සිටියේ පසුගිය වසර ගණනාවක සිට මෙම රටේ නොයෙක්දෙනා මේ අටේ ජාතිවාදය වැපුරූ නිසා එහි ප්‍රථිපලයක් විදියට ඉතා සුළු සිද්ධියක් මේ තරම් දුරගොස් ඇතිබවත් අවරුදු තිහක් ජිවිත දස දහස් ගණනක් නැති වුණා., අපි ඒවා පාඩමට අරන් මේ තත්වය සාමය කරන්න කටයුතු කරමු යයිද ඒ මහතා පැවසිය.



COMMENTS
පට්ට හොරු සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට පැමිණි මෙතුමාට හිටපු හොරුන්ගෙත්, වර්තමාන හොරුන්ගෙත් ආශීර්වාදය හිමිවෙනවා ඇත.
මෛත්‍රිපාලගේ තවත් අනුවණ තීරණයක්..
ඔබව පත්කළේ ජාතීන් අතර සමගිය ඇතිකරවා, බොහෝ දේවල් කිරීමටයි..
එක්සත් ජාතික පක්ෂයට ජනතා විස්වාසය නැතුවම යන තත්වයක් උදාවෙමින් තියෙනවා