IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණ තවමත් සසලයි

අධික වර්ෂාව සමඟ මාතර දිස්ත්‍රික්කයේ ඇතිවු ගංවතුර හේතුවෙන් අද (29) වන විට විසි හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 43114ක 160702 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රියංකර උභය සිරිවර්ධන මහතා පවසයි.

දිස්ත්‍රික්කයේ නිවාස 186ක් මුළුමණින්ම විනාශ වී තිබෙන අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 2637ක් දක්වා ඉහළ ගොස් තිබේ.අවතැන් කදවුරු 26ක පවුල් 4000ක් පමණ තාවකාලිකව පදිංචි කර තිබේ.

නිල්වලා ගඟේ ඉහළ කොටසේ ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතියද ටහි පහළ මාතර නගරය අවට ප්‍රදේශවලට මේ වන විට දැඩි හානියක් වී තිබේ.

මාතර සිට අකුරැස්ස, මාතර සිට හක්මන,මාතර සිට කඹුරුපිටිය ආදී ප්‍රධානමාර්ගවල සියලුම ගමනාගමන කටයුතු දැනට දින හතරක පමණ කාලයක සිට නතර වී ඇත.

(ඡායාරුප - ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 



අදහස් (0)

දකුණ තවමත් සසලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site