(සටහන සහ ඡායාරූප - රඹෑව-මනුල වික්‍රම)
රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍යය වන්දනා කිරීම සඳහා දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටියි. අද (23) සහ හෙට (24) එය දිවා රාත්‍රී රුවන්වැලි සෑ මළුවේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. එය 25 වැනිදා මහසෑයට පළඳවන අතර ස්වරණාලේපිත කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය නිරාවරණය කෙරෙන්නේ ලබන 26 වැනිදායි.
සැදැහැවතුන්ට සුදුවතින් සැරසී පැමිණෙන ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරත්න නාහිමියෝ ඉල්ලාසිටිති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චූඩා මාණික්‍යය වන්දනා කිරීමට...? බෞද්ධයන් වන්දනාමාන කළ යුත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය මිසක්, චූඩා මාණික්‍යය නොවේ.
බුදු සසුන චිරාත් කාලයක් පවතීවා...!!!
මෙය ඉතා අගනා මහත්ඵල මහානිශංස දෙන පින්කමක්. සියල්ලන්ටම තෙරුවන් සරණ වේවා! සැමදා බුදු සසුන බැබළේවා !