(හේමලතා ඩී හේවගේ)
මාදම්පේ ගල්මුරුව ගල්වල ප‍්‍රදේශයේ ගං වතුරට හසුවී සිටි තිදෙනෙක් බේරා ගැනීමට ගොස් දියේ ගිලී දින 03 ක් අතුරුදහන්ව සිට සොයාගත් මාදම්පේ පොලීසියට අන්යුක්තව සේවයකළ බුද්ධි අංශයේ ඩිලාන් සම්පත් (29) පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර ගිරිඋල්ල - මල්ගමුව පිහිටි ඒ මහතාගේ නිවසට ඊයේ (27) රාත්‍රියේදී රැගෙන ආවේය.
නැදෑ හිතමිතුරන් විශාල පිරසක් ඒ මහතාට ගෞරව දැක්වීම සඳහා නිවසට පැමිණ සිටි අතර කතානායක කරූ ජයසුරිය මහතාද පැමිණ සිටියේය.
පොලිස් කොස්තාපල් තනතුරේ රාජකාරිකළ ඩිලාන් සම්පත් මහතා පොලිස් සැරයන් තනතුරට උසස්කර ඇති බවද සඳහන්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායක පුවතක්.මෙම නිධාරියාට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු...
ජීවිතයේ පළවැනි වතාවට ශ්‍රීලංකා පොලිසිය ගැන ගෞරවයක් ඇති වූනා . ඔබට නිවන් සුව.