(කාංචන කුමාර ආරියදාස )
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක විශාල පිරිසක් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති .දේවහුව බබරගස්වැව .මොරගොල්ල ,කිනමිටියාය .ආදී කෘෂිකාර්මික ප්‍රදේශ කීපයක මෙම ජල හිඟය පවතී.
ප්‍රදේශවාසීන් පැවසුවේ ළිංවල ජලය සිඳි ඇති බවත් ළිං කිහිපයක පමණක් පතුලේ ජලය ස්වල්පයක් ඇති බවත් ය.පොදු නල ළිං අබලන්වී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති .
වැව් සිදීයාම නිසා ගොවිතැන් කිරීමට නොහැකිව කුඹුරු පුරන් වී ඇතැයි ද කියැවේ.ප්‍රදේශයේ එකම පානීය ජලසම්පත බව කියන පානිය ජල ව්‍යාපෘතිය අක්‍රීයව ඇත.
එමෙන්ම සිය ගොවිතැන් කටයුතු අඩපණ වීමෙන් ගොවින් හා කුලී වැඩ වලින් ජිවත්වන පවුල්වල සාමාජිකයෝ ආහාර අර්බුදයකටද මුහුණපා සිටිති.මෙතෙක් කිසිදු බලධාරියකු මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බව ඔවුහු කියති .






COMMENTS
ගොවිසෙත ලොතරැයිය තියෙන්නේ ගොවියන්ට සහන සලසන්න නේද? එහෙම නැතිව ඇමතිවරුන්ට ඩිෆෙන්ඩර් ගන්න නෙවෙයිනේ නේද?
පරිසරයට කල හානියට ආණ්ඩු මොනවා කරන්නද? ඕක තමා නිතරම කියන්නේ පරිසරය රැක ගනිමු කියලා. නමුත් දැන් වතුර නැහැ කියලා කෑ ගහනවා. අපේ රටේ තරම් ජලය අපතේ යවන ලෝකයේ එකම රටක් වත් නැතුව ඇති... සෑම ආණ්ඩුවක්ම කියන්නේ, ජනතාවට ජලය අරපරිස්සමෙන් පරිභෝජනය කරන්න කියලා. නමුත් අපි මොකද කරන්නේ... කියලා හිතන්න.
වතුර නැත්නම් ඉතින් මොනවා කරන්නද? වතුර නැතත් ඒකට වෙන වැඩපිළිවෙළක් කරන්නම ඕනේ...