
(සටහන සහ ඡායාරූප - බෙන්තොට ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට, ආරච්චිමුල්ල, දෙගල්ල ඇලේ අටවා තිබූ මාළු දැලකට හිරවී සිටි විශාල පිඹුරෙකුගේ දිවි ගලවා දීමට ප්රදේශවාසීහු පියවර ගත්හ.
මාළු දැලේ පුඩු තුල සිරවී හා දැලේ පැටළීමෙන් ගෙළ ප්රදේශය දැඩි ලෙස සිරවීමෙන් මරණාසන්නව සිටි අඩි 15 ක් පමණ වූ මෙම පිඹුරා ඉමහත් වෙහෙසක් දරා ප්රවේශමෙන් ගොඩට ගත් ගම්වාසීහු කතුරු හා පිහි ආධාරයෙන් දැලේ කොටස් කපාදමා පිඹුරා මුදා ගත්හ. ජීවිත දානය ලැබූ පිඹුරා හෙමින් සීරුවේ අසළ වූ ඇළ මාර්ගයටම ගොස් පිහිනා ගියේය.


COMMENTS
හැම සතෙකුටම වේදනාව දැනෙනවා .
උතුම් මනුසත් ක්රියාවක්.
උගේ පරණ පිනකට පිඹුරෙක් උනේ. මුවෙක් හාවෙක් එහෙම උනානම්?
මේ හොඳ මිනිසුන්ට සුභ පැතුම්.
මට මතක් වෙනවා ටික කලකට ඉහත ලංකාදීප එසැණ පුවතක්. කුකුල් කොටුවකට පැන්න කියල ඒ ගමේ මිනිස්සු පිඹුරෙකුව කෑලි වලට කපල මරපු විස්තරයක්. මෙන්න ඒකට මිනිස්සු. තමන්ගේ මාළු දැල් කපල දැම්ම පාඩුව විඳගෙන. නමුත් මේ මොකුත් නොදන්නා සතාව බේරලා ජීවිතය රැක දුන්න.
උඹල හැමදාම කළේ ඔය ටික... දැල් එලනවා, දැල් කපනවා, බේරනවා, නැවත පොල්ලෙන් ගහල අපිව ඉවර කරනවා.
ඇත්තටම හොඳ වැඩක් කවදාකවත් සතෙක් මරන්න එපා. මාත් අඩි 06 ක් පමණ දික පොළඟෙක් බේරලා යැව්වා. හැමෝම මරමුයි කියද්දී .. ඉතින් හැමෝටම කියන්නේ සතෙක්ගේ ජිවිත විනාශ කරන්න එපා.. ජීවිත දානය දෙන්න..
අනේ මහතුනේ අපේ නිතර පාරේ වාහන එලවන ඩ්රයිවර්ලටත් කියන්නකෝ. මිනිස්සුත් සත්ව විශේෂයක්ය . ප්රවේශමෙන් රිය පධවන්න කියල. මොකද දවසකට 7 -8 දෙනෙක් මැරෙනවා. කරුණාකර මගේ ඉල්ලීම නොසලකා හරින්න එපා. මින්සා කියන්නේ සත්ව විශේෂයක් නෙමේ ඇත්තටම විශේෂ සත්ව කොට්ටාශයක්.