(කාංචන කුමාර ආරියදාස)
කලා වැව සහ බලලු වැව ජපන් ජබර වලින් පිරී යාමෙන් වැව් දෙකම අනතුරකට පත්ව තිබේ.
මේ හේතුවෙන් ධීවර කටයුතුවලට මෙන්නම සතුන්ගේ දෛනික ක්‍රියාවලීන්ටද දැඩි හානියක් මෙන්නම බාධාවක්වී ඇතැයි කියති.
එමෙන්ම මෙම ජපන් ජබර ව්‍යාප්තිය හේතුවෙන් කලා වැවේ නිතර සැරිසරමින් සිටී තුන්සියයකට අධික වන අලි රංචුව ද කලාවැවෙන් නික්ම ගොස් තිබෙන බවත් සතුන්ට හෝ අලින්ට හරකුන්ට ආහාර නොමැති වීමද ජපන් ජබර නිසා බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.
කලාවැවේ මීට පෙර මෙවැනි අවදානමකට ලක් වී නොමැති බවත් මේ ආකාරයෙන් ජපන් ජබර නැමති ශාකය ව්‍යාප්ත වුවහොත් තවත් වසර කීපයක් ගතවෙද්දී කලාවැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවට පමණක් නොව වැවට ද බරපතල හානි සිදුවිය හැකි බව ධීවර ජනතාව පෙන්වා දෙති.





(ඡායාරූප ඇත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ කලාවැවට වූ විපත... බලධරයිනි, වහාම නිසි පියවර ගන්න. කලා වැවේ නිල් දියවර අපේ අම්මා..
වෙනත් රටවල් වල ජපන් ජබර වලින් පොහොර හදනවා කියලා අහලා තියෙනවා. අපේ අයත් ඒ වගේ දේකට යනවා නම් මේ කරදරෙන් බේරෙන්න පුළුවන්. ජපන් ජබර, සැල්වීනියා කියන්නේ අපේ රටට තර්ජනයක් වෙච්ච පැළෑටි.
ඔය වැව් අසලම බයෝ - ගෑස් ව්‍යාපෘතියක් ආරම්භ කරලා මෙව්වා එකතු කරලා ගෙනත් දෙන කට්ටියට යම් මුදලක් ගෙවන්න ක්‍රමයක් සකස් කළොත්... ඒ වගේම එතැනම ඒ ගෑස්වලින් විදුලිය උත්පාදනය කරලා ඒ විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට විකුණන්නත් බැරිවෙන එකක් නැහැ...
වසර 40 කට පෙර ජපන් ජබර විනාශ කරන කෘමියෙක් ආනයනය කලා නේද. ඒ වැනි කෘමියෙක් නැවත ගෙනෙන්න බැරිද.
ජපන් ජබර, සැල්වීනියා කවදාකවත් ලංකාවේ වන්ඳකරන්න බෑ, රජයේ නිලධාරීන්ට වැවු අමුණු ඇළ මාර්ගවල මේවා තිබුණු තරමට වාසිය්, අවුරුදු පතා මේවා අස්කරන්න කොන්තරාත් දීලා සල්ලි යටි මඩි ගහ ගන්න පුළුවන්නේ.
මට නම් හිතෙන තවත් කරුණක් තමයි ආයෙමත් ලංකාවට කවුරුහරි බෝම්බ දමන්න ආවොතින් ඒ අය නොමග අරින්න තියාගෙන ඉන්නවා වත්ද කියලා......ඇත්තටම මෙය වසංගතයක් වෙනකල් තියාගෙන ඉන්නේ බින්කුන්ඩා කිව්වා වගේ සල්ලි ගරන උල්පතක් නිසා විය හැකියි...
ඇත්තමයි ඇටකටුස්, සැල්වීනියා සහ ජපන්ජබර හොඳින් වේලපුවාම හරිම කුඩා ප්‍රමාණයක් බවට පත් වෙනවා වගේම නයිට්‍රජන් බහුල පොහොරකුත් වෙනවා. මේ ගැන අඳෝනා කියකියා ඉන්න නෙමෙයි තියෙන්නේ.. ඔරුවලින් යන අයව දැනුවත් කරලා මේවායින් පොහොර හදන්න පොඩි ව්‍යාපෘතියක් පටන් ගන්න එක. ඊටපස්සේ කියාවි අපිට සැල්වීනියා සහ ජපන්ජබර ආනයනය කරන්න වෙලා කියලා.. හැබැයි අපේ කෘෂි නිලධාරීන්ට පොහොර සමාගම්වලට යටත් නොවෙන්න පිට කොන්දකුත් තියෙන්න ඕන වැඩේ හරියට වෙන්න නම්..
ගොවි සමිතියක ශ්‍රමදානයකින් මේවා ගොඩට අරන් වේලුණ පසුව, බැකෝ එකකින් විශාල වලක් හාරා එයට දමන්න.පොහොර වුන පසුව ගොවිතැනට ගන්න. නයිට්‍රජන් අඩංගු හොඳ කාබනික පොහොරක්.
බංග්ලාදේශ් වල මෙය හරකුන්ගේ ප්‍රධාන අාහාරයයි. ඔවුන් එයින් උපරිම ප්‍රයෝජන ලබයි.