IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කොචිච්කඩේ දේවස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

පසුගිය අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කිරීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 27) ක්‍රියාත්මක කරන ලදී.
 
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්විම මත නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සෘජු අධික්‍ෂණය යටතේ නාවික හමුදා නිලධාරින් සහ නාවිකයින් 100 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුයුක්ත කරන ලදී.
 
මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියර අද දවස පුරා සිදු කරන ලද අතර, එහිදී ප්‍රහාරයෙන් පසු සුන්බුන් වන ලද කොටස් සහ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන්ගේ විනාශ වු බඩු භාහිරාදිය වල කොටස් අදියරයෙන් අදියර ඉවත්කර දේවස්ථානය සම්පූර්ණයෙන් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් සෝදා පිරිසිදු කරන ලදි.
 
මේ සඳහා නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ ආපදා රථ, ජල බවුසර්, ට්‍රක් රථ සහ අනෙකුත් උපකරණ යොදාගන්නා ලද අතර, දේවස්ථානය කඩිනමින් අළුත්වැඩියා කර යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි. 

 

ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය අනුග්‍රහයෙනි

 

 

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි



අදහස් (2)

කොචිච්කඩේ දේවස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

Mala Tennakoone Saturday, 27 April 2019 03:47 PM

මොනවා කියන්නද ඇඩෙනවා දකිනකොට

:       1       102

sharm Sunday, 28 April 2019 01:22 AM

කවදත් ඉතින් අපේ ත්‍රිවිධ හමුදාවන් තමයි ආපදාවකදී ජිවිතේ පරදුවට තියලා වැඩ කරන්නේ. මේ සොහොයුරන්ට දේව ආශිර්වාද ලැබේවා ....

:       1       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site