(රංජිත් රාජපක්‍ෂ )
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප‍්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය.
යකඩ තාක්ෂණය අඩු කාලයකදි මෙම පාලම ඉදිකර ඇති බවත් වර්තමානයේ වැඩි බරකින් යුත් දුම්රිය එන්ජින් ධාවනයට එක්කර තිබිම නිසා පාලම වෙනුවට නව යකඩ පාලමක් සවිකිරිම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු අවධානය යොමුවී ඇති බවයි.
අලාභ හානි වු මෙම පාලම සති තුනක් ඇතුළත අලුත්වැඩියා කර උඩරට දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කිරිමට සැලසුම් කර තිබුනද තම සේවකයන්ගේ කාර්යක්ෂම සේවය හමුවේ පාලම ප‍්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැලසුම් කළ කාලයට වඩා කඩිනමින් දුමිරිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරිම තම අපේක්‍ෂාව බව රංජිත් විජේසිරි සඳහන් කළේය.







COMMENTS
අවුරුදු 150 කට කලින් ඉන්දීය කම්කරුවන්ගේ දහඩිය මහන්සියන් හා ජීවිත පූජාවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් ඉදිකළ මෙම දුම්රිය මාර්ග රටට සම්පතක්. මෙය රැක ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව දරන උත්සාහයට අපගේ ප්‍රණාමය.
මේ පාලම යකඩ තාක්ෂනය නොදියුණු කාලේ හදපු එකක් කියලා අඩුවෙන් තක්සේරු කරන්න හොඳ නෑ... අද කාලේ හදන පාලමක් අවුරුදු 50ක් තියෙනවා කියලා කියන්න පුලුවන්ද?? හදල ඉවරවෙනකොට කඩාගෙන වැටෙනවා.... උඩරට දුම්රිය මාර්ගයේ තියෙන මෙවැනි පාලම් පරණ උනාට විශිෂ්ට ගනයේ නිර්මාණ.... මෙවැනි පාලම් එංගලන්තේදී සම්පුර්ණයෙන් හදල ඉවරකරලා තමා මෙහෙ ගෙනත් සවිකරලා තියෙන්නේ... සම්පුර්ණ පාලම් කොටසම තනි සැකිල්ලක්... ඒවා වෙන්කරන්න බැහැ.... ඇන ගලවන්න බෑ....රිවට් කරලා තියෙන්නේ... ඒවගේම මලකඩ ඉතාම අඩුවෙන් කන ලෝහ බාවිතා කරලා තියෙන්නේ... මෙච්චර කාලයක් පවතින්න හේතුව එක තමා... අද කාලේ පාලම්වල මෙවැනි ලක්ෂණ නෑ..
මෙවැනි දුම්රිය පාලම් ඇති ස්ථානවලදී දුම්රියවල වේගය අඩු කිරීමට පියවර ගන්න. අතිරේක වැර ගැන්නුම් යොදා ශක්තිමත් කිරීමට පියවර ගන්න.
ආපෝ.., ඉන්දියන් හා චීන යකඩ එහෙම දාලා මේ පාලම් අලුත්වැඩියා කරන්න එප... කඩාවැටෙයි දිරා ගිහිල්ලා..
මේ පාලම යටිනුයි, දෙපැත්තෙනුයි, එයාර් බෑග් හයි කරා නම් නේද හොඳ?
හරිම අගය කල යුතුඉ ඔවුන්ගේ උත්සාහය