
(පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙල , ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇල්ල රොක් කඳු මුදුනේ ඊයේ (5) රාත්‍රී ඇතිවූ ගින්නක් මේ වන විටත් පැතිරයමින් අක්කර 50 කට වැඩි සංවේදී පරසර පද්ධතියකට හානි සිදුකර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
ගින්න පැතිර යන ප්‍ර දේශය රාවණාඇල්ල දියඇල්ලට නුදුරින් පිහිටි රාවණාඇල්ල අභය භූමියට අයත්වන අතර මේ පරිසරයට ආවේණික සත්ව විශේෂ රැසක් මෙහි වෙසෙන බව පරිසරවේදීහු පවසති .
පොලිසිය, යුද හමුදාව, වන ජීවී නිලධාරින් හා ආපදා කළමණාකරන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින නමුත් ගින්න පැතිර යන අතැම් ස්ථානයන් දැඩි ප්‍රපාත සහිත ලඟාවීමට අසීරු තත්වයක පවතින බව ඇල්ල පොලිසිය සඳහන් කරයි.
අද ගුවන් හමුදා හෙලිකොප්ටර් සහාය ලබාගැනීමට බලාපොරොත්තුවන බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල ද සිල්වා මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd