බංගලිදේශ නාවික හමුදාවට අයත් සොමුදා ජොයි නෞකාව මේ දිනවල කොළඹ වාරායට පැමිණ ඇත.
මෙම නෞකාව ලබන 16 වැනිදා තෙක් ලංකවේ ඇති අතර බංගලිදේශ නාවික හමුදාපතිගේ ආරාධනාවකට අනුව නෞකාව නිරීක්ෂණයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (14) රාත්‍රී සංචාරයක නිරත විය.
එහිදී නෞකාවේ කපිතාන් එම්.මොසිලුෂාවන් ඇතුළු නිලධාරීන් විසින් රුවන් විජයවර්ධන මහතා ඉතා සුහදව පිළිගත් අතර දෙරටේ ජාතික කොඩි සහිත කේක් කපා සුහදත්වය පලකළ අතර අමාත්‍යවරයාට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.
ඡායාරූප - ඩික්සන් වසන්ත





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.