උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (4) ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා අතින් ජනාධිපති වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.
අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.
මේ අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ස්වර්ණපාල, උපදේශක රවීබන්දු විද්‍යාපති, අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
( ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ ඉර හඳ තාරකා නමදින මෝඩ සමාජයක්.
මෝඩ මිනිස්සු