(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශිය සභාව කොට්ඨාස ක්‍රමය අනුව කොටස් තුනකට වෙන් කිරිමේදී සිංහල ජනතාව බහුතරයක් ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ශ්‍රීපාදස්ථානය පිහිටි භුමිය වෙන් කිරීමට එරෙහිව අද (31) ගිනිගත්හේන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ් මහතා පැවසුවේ බහුතරයක් සිංහල ප්‍රජාව ජීවත්වන අඹගමුව ප්‍රාදේශිය සභාව,මස්කෙළිය, නෝර්වූඩ් හා අඹගමුව වශයෙන් සභා 3 කට කඩා වෙන් කිරිමෙන් බහුතර බෞද්ධ ප්‍රදේශයෙන් ඉවත්වන ශ්‍රීපාද භූමිය හා මෙතෙක් කල් පැවති ජාතීන් අතර සැබෑ සංහිඳියාව රැක ගැනීම අරමුණු කරගෙන මෙම විරෝධතාව පවත්වන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩයෝ රැලක්. මෙම සභාව විශාල භුමි ප්‍රමාණයක් නියෝජනය කරන නිසා ජනතාවට අවශ්‍ය සේවාවන් පහසුවෙන් ලබාදෙන්නයි කොටස් තුනකට වෙන් කරන්නේ. හැබැයි මුන් විරෝධය දක්වන්නේ හරියට සිරීපාදේ ප්‍රාදේශීය සභාවට ලියලා දෙනවා වගේනේ.
ඔබට සතුටුයිද දැන්?
අධ්‍යාපනඥයිනි ඔබ විසින් බිහි කළ ප්‍රඥාවන්තයින් සිතන ආකාරය මෙය නම් නැවත නැවතත් සිතා බලනු මැන.
මෙතන මෝඩයෝ අපි තමයි. සමහරක් අයට අවශ්‍ය වනුයේ ප්‍රාදේශීය මට්ටමින් ජන අනුපාතය වෙනස් කිරීමයි. එවිට ප්‍රාදේශීය පාලන වෙනස් වෙනවා. ඇයි අඹගමුව ප්‍රා.සභාව කොටස් තුනකට වෙන් කරන්නයි කල්මුනේ නගර සභාව වෙන් නොකරන්නැයි හේතු පැහැදිලිව පේනවා.
කල්මුනේ නගර සභාව වෙන් කරලනේ