IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උතුරේ නියඟය මහජනයා පිඩාවට පත් කරයි

(සිතුම් චතුරංග)

මාස අටක කාලයක සිට උතුරු පළාතට වර්ෂාව නොලැබීම හේතුවෙන් පවතින නියං කාලගුණික තත්වයෙන් එම පළාතේ පවුල්  133678 අයත් පුද්ගලයින් 462815 පිරිසක් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසති.

වර්ෂාව නොමැතිව ජල අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව උතුරු පළාතේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 670ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ නිලධාරීහු සඳහන් කරති.

උතුරු පළාතේ නියඟයෙන් වැඩිම පිරිසක් පීඩාවටපත් දිස්ත‍්‍රික්කය වන්නේ  යාපනය වන අතර එහි ග‍්‍රාම නිළධාරි වසම්  267 ක පවුල්   34049 ක පුද්ගලයින් 124206 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද පවසති.

යාපනය දිස්ත‍්‍රික්කයේ නියඟයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ චාවකච්චේරි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර, එහි පවුල්  11640 කට අයත් පුද්ගලයින් 47198 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරි වසම් 134 ක පවුල් 35730 ක පුද්ගලයින් 115308 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව මුලතිව් දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩි පිරිසක් පීඩාවටපත්ව සිටින අතර එම කොට්ඨාසයේ පවුල් 11827 කට අයත් පුද්ගලයින් 36951 දෙනෙකු පීඩාවටපත්ව සිටිති.

වවුනියාව දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 102 ක පවුල් 24507 ක පුද්ගලයින් 85771 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද වවුනියාව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව දිස්ත‍්‍රික්කයේ නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවන අතර එහි පවුල් 11306 කට අයත් පුද්ගලයින් 39570 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ද පවසති.

කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 95 ක පවුල් 24066 ක පුද්ගලයින් 83378 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් කරච්චි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත්ව සිටින අතර එහි පවුල් 9327 කට අයත් පුද්ගලයින් 32,632 දෙනෙකු පීඩාවටපත්ව සිටිති.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 77 ක පවුල් 15386 ක පුද්ගලයින් 54152 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එහි වැඩිම පිරිසක් මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවන අතර එම පිරිස පවුල් 8026 කට අයත් පුද්ගලයින් 29421 පීඩාවටපත්ව ඇත.



අදහස් (1)

උතුරේ නියඟය මහජනයා පිඩාවට පත් කරයි

බණ්ඩාර(කැකිරාව) Tuesday, 01 August 2017 09:28 AM

මෙවැනි ප්‍රවුර්ති කොපමණ වාර ගණනක් පලකරත්, ආපදා කළමනාකරන අමාත්‍යාංශය හෝ සමාජසේවා අමාත්‍යාංශය හෝ ජල-කළමනාකරණ අමාත්‍යාංශය වලින් කිසිම සහන සේවාවක් හෝ ප්‍රතිචාරයක් නොදැක්වීම කණගාටුවට කරුණක්.

:       2       15

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site