IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආරච්චිකට්ටුවේ වැව් බැම්ම තුන් පොළකින් කැඩී යයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
ආරච්චිකට්ටුව මහමාඑළිය වැවේ වැව්බැම්ම ස්ථාන තුනකින්  අද දහවල්  කැඩී යාමත් සමඟ  සේරුකැලේ පල්ලම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමණාකරණ එකකය පවසයි.
 
 පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් .ආර් .එන් .කේ අලහකොන් මහතා පැවසුවේ  අධික වර්ෂාව හේතුවෙන් මහමාඑළිය වැවට ඉහළ වැව් වලින් අධික ලෙස ගලා ආ ජලය දරා ගැනීමට නොහැකි වීමේන් මෙම බැම්ම කැඩී යන්නට ඇති බවයි.
 
 කෙසේ නමුත් මෙයට පෙර 2016 වසරේද පැවති වාර්ෂාව හේතුවෙන් මහමාඑළිය වැවේ බැම්ම කැඩී යාමේ අවධානමක් තිබියදි පුත්තලම ආපදා කළමනාකරණ එකකයේ සහයෙන් යූද හමුදාවේ 200 දෙනකු පමන යොදවා වැලි කොට්ට ගසා බැම්ම ආරක්ෂා කිරිමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් .එන් .චිත්‍රානන්ද මහතා කටයුතු කර තිබිණි.
 
 2016 වසරේදි එක් ස්ථානයක අවධානම තිබුනද මෙවර ස්ථාන තුනකින් අවධානම පැවතීම නිසා වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තිබුණි. 
 
 වැව් බැම්ම කැඩී යාමෙන් විජය කටුපොත , බත්තුළුඔය  ඇතුළු ගම්මාන ගණනාවක් ජලයෙන් යට විට.



අදහස් (9)

ආරච්චිකට්ටුවේ වැව් බැම්ම තුන් පොළකින් කැඩී යයි

Bandula Kendaragama Monday, 21 May 2018 11:13 PM

ලංකාවට හදිසි ආරක්ෂණ රෙගුලාසි ඕනෑ. මා තේරුම් ගත් පරිදි ඉංජිනේරුවරුන්ගේ ජල සංසදය විසින් අමාත්යංශ කිහිපයකට ආරක්ෂක ලේකම්ට උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන් මෙම වැදගත් ජාතික වේලි ආරක්ෂාව පිළිබඳ ගැටලුව තවමත් සැලකිල්ලට ගෙන නොමැත.

:       0       36

UdrichTuesday, 22 May 2018 03:36 AM

බන්දුල , ඔයා හිතන්නේ අපේ දේශපාලකයෝ මේක තේරුම් ගන්න තරම් බුද්ධියෙන් උසස්ද? ඔවුන්ගෙන් බොහෝමයක් සාමාන්‍ය පෙළ සුදුසුකමද නැති අයයි.

:       1       62

Shantha MenikdiwelaTuesday, 22 May 2018 09:37 AM

දේසපාලකයන් දන්නේ නැති හින්ද තමයි ඒවාට යොදවල ඉන්න මිනිස්සු ඒවා පැහැදිලිකරලා කරන්න වුවමනා දේ කියල දෙන්න අව් කරන්නේ. අපේ අය බොහොමයක් ඉන්නේ අවලාද කියන්ඩ විතරයි.

:       1       8

HafeelWednesday, 23 May 2018 05:39 AM

රටේ දේශපාලකයන්ට ජන දුක තෙරෙනේ නැහැ. ඔවුන්ට ඕන වෙලා තියන්නේ කෝටි ගණන් වියදම් කරමින් ඔවුන්ගේ වැසිකිලිත්, නිල නිවාසත් හදාගන්න තමයි.

:       0       0

Dusara Tuesday, 22 May 2018 03:03 AM

දුෂක පාලකින් නිසා ස්වබාවධර්මය ජනතාවට එරෙහිවෙලා. බුදු දහමේ පාලකයන් රටක් පාලනය කලයුතු විදිය පැහැදිලි කරලා තියෙනවා. ජනතාවගේ මෝඩ / අවස්ථාවාදී කතිර ගැහිල්ලේ වරද

:       74       182

Keppetipola Tuesday, 22 May 2018 11:14 AM

බන්දුල කියන කතාව ඇත්ත. අද ඉන්න අමාත්‍යංශ ලේකම්ලා මැට්ටෝ. ඉංජිනේරුවෝ කියන දේවල් ගනන්ගන්නෙත් නැහැ. තේරෙන්නෙත් නැහැ. මේ ලේකම්ලා හුඟ දෙනෙක් කළා අංශයේ ඉගෙනගත් අය. හරියට ඔලුව ඉදිමගෙන නිලධරිවාදය ඔලුව උඩ තියාගෙන ඉන්නේ. දේශපාලුවන්ට කඩේ යන එකයි සල්ලි පාගා ගහන එකයි තමයි හුඟ දෙනෙක් කරන්නේ

:       0       44

රවිඳු Tuesday, 22 May 2018 03:37 PM

හැම දේටම දේශපාලකයින්ට පමණක් දොස් කීමට පමණයි හැමෝම පුරුදු වී සිටින්නේ.රටක දේශපාලකයන් පත් කරන්නේ කළමනාකරණය කරන්න මිස, වෘත්තිමය වැඩ කරන්න නොවේ. ඒකට තමයි විවිධ අමාත්‍යංශ වලට වෘත්කයින් පත් කරන්නේ.ඒ වෘතිකයින් තමයි දේශපලකයින්ව ඒ සඳහා දැනුවත් කළයුතු වන්නේ. මොකක්දෝ කරුමෙකට, අපේ රටේ රාජ්‍ය ආයතනවල බහුතර වෘතිකයන් වැඩ බැරි ටාසන්ලා. මේ වෘතිකයන්ගේ නිමණශීලී හැකියාව බිංදුවයි. හැමදේම දන්නවා යයි සිතා අලුතින් යමක් අධ්‍යනය කිරීමක් නැහැ. නව දැනුම හා නව තාක්ෂණ ක්‍රම වේදවලට කිසිදු ඉඩක් මේ ශ්‍රී ලංකාව තුල නැහැ. දක්ෂයෝ පැත්තකට විසිවෙලා කබ්බෝ රජකරන රටක් මේක. ඔවුන්ගේ මේ නොහැකියාව නිසා තමයි, මේ අය විවිධ මාෆියා කල්ලි පිහිටුවා ගෙන ඔවුන්ගේ බලය පෙන්වන්නේ. එතනදී, දක්ෂයෝ විතරක් නෙමේ, අවංක දේශපාලකයෙක් වුණත් අසරණයි.

:       0       167

දයාරත්න වීරසේකර Tuesday, 22 May 2018 08:59 PM

බන්දුල ඇතුළු පිරිස කියන කතාව සියයට සියයක් හරි. අමාත්‍යංශ වල සිටින සමහර වෘත්තිකයින් තමන්ගේ වාසිය තකාම දේශපාලන අතකොලු බවට පත්වෙලා. මේ අය නිසා 'වැඩක් කළ හැකි' අයටත් කරබාගෙන ඉන්නට සිදුවෙලා. දැනට වසර විසිපහකට පමණ ඉහතදී මා පරිසර අමාත්‍යංශයේ වැඩ කරද්දී එවකට සිටි වැඩබලන ලේකම් පාලි සංස්කෘත උපාධියක් කළ කෙනෙක්. ඔහුට පරිසරය ගැන දැනුමක් තිබුනෙම නැහැ. අද තත්ත්වය ඊටත් වඩා දුර්වලයි වගෙයි පෙනෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site