(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් සන්ධානය කඩිනම් කිරීමට පක්ෂ දෙකම තීරණය කර ඇතැයි වාර්තාවේ.
පොදුජන පෙරමුණ සමග එක්ව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පිරිසකගෙන් විරෝධයක් එල්ල වුවද එම විරෝධය නොතකා සන්ධානය ගොඩනැගීමට ශ්‍රීලනිපය ස්ථිර තීරණයකට පැමිණ ඇත.
ජනාධිපති නිල නිවසේ ඉකුත් බ්‍රහස්පතින්දා (03) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නව සන්ධානය පිහිටුවීමේ කටයුතු ඉක්මන් කරන ලෙසට උපදෙස් දී ඇත.
ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ සමග එක්ව සන්ධානයක් පිහිටුවීම ශ්‍රීලනිපය පොහොට්ටුවට යාමක් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා මෙය එජාප ප්‍රතිපත්තියට සහ වැඩ පිළිවෙළට එරෙහිව යමින් සියලු පාර්ශ්ව එක්ව ගොඩනගන පුළුල් පෙරමුණක් බවද සඳහන් කර තිබේ. මෙම සන්ධානයට විරුද්ධ වන අයට පක්ෂයෙන් ඉවත්ව යා හැකි බව ජනාධිපතිවරයා ශ්‍රීලනිප ආසන්න සංවිධායකවරුන්ගේ රැස්වීමේදීද මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද පොදුජන පෙරමුණ ඕනෑම පක්ෂයක් සමග සන්ධානගතවීමට සූදානම් බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර නිල සාකච්ඡා ළඟදීම ආරම්භවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය ස්ථිරයි