කොරෝනා හැදුණු රෝගීන් මැද පෙරදිගින් එවලා
(අජන්ත කුමාර අගලකඩ)
විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමේදී, රටවල් ගණනාවක් කොවිඩ් 19 ජාත්‍යන්තර නීතිරීති උල්ලංඝනය කරමින්, කොරෝනා ආසාදිතයන් මෙරටට එවා ඇතැයි වාර්තාවේ.
මැද පෙරදිග රටවල් කිහිපයක්ම එම නීතිරීති උල්ලංගනය කරමින් කොරෝනා ආසාදිතයන් මෙරටට එවා ඇති අතර, කුවේට් රාජ්‍යය ඉන් ප්‍රධාන තැනක් ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
කුවේට් රාජ්‍ය කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් රැසක් ගිය සතියේ මෙරටට එවා ඇත්තේ ඔවුන්ගේම ගුවන් යානාවලින් බව ද එම අාරංචි මාර්ග කියයි.
මේ තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්ද සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (28) පවත්වා ඇත.
ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර කොවිඩි 19 ආසාදිත නොවූ පුද්ගලයන් පමණක් මෙරටට එවන ලෙස විදේශ රටවලට දැනුම් දිය යුතු බවට එහිදී තීරණය කර ඇත.
ඒ බව ජනාධිපති කාර්යාලයටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ලිපියකින් දැනුම් දීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
විදේශ රටවලදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර මෙරට ගෙන්වන ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපොළේ දී නැවත පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටකින් රටකට රෝගීන් එවන්න බෑ