IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර චෝදනා ඇති 10 දෙනෙක් අපරාධ අධිකරණයට​ ?

(මනෝප්‍රිය ගුණසේකර) 
රුපියල් කෝටි 1500 කට අධික පාඩුවක් සිදු වූ බවට සැලකෙන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහා බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකුට පමණ අපරාධ අධිකරණයක් හමුවේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි වාර්තා වේ. 

බැඳුම්කර කොමිසම හමුවේ මේ වන විට ඉදිරිපත් වී ඇති සාක්කි විශ්ලේෂණය කිරීමේදී කොමිසමේදී ඇඟිල්ල දිගුවෙන පුද්ගලයින්ට එරෙහිව මෙලෙස චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි ඔව්හු පෙන්වාදෙති. 


මහා බැංකුවේ හිටපු අධිපතිවරයාට, මෙම වංචනික කටයුත්ත සඳහා ඔහුට සහාය පළ කළ මහා බැංකුවේ නිලධාරීන් පිරිසකට, වංචනික අන්දමට ලංසු ඉදිරිපත් කළ සේවක අර්ථ සාධක අරමුදලේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවල නිලධාරි පිරිසක් ඇතුළු දස දෙනෙකුට අධික පිරිසකට අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව එම නීති විශාරදයෝ පෙන්වා දෙති. 


2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ බව කියන ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් ක්ෂණික මෙන්ම දීර්ග කාලීන පාඩු අත්විඳීමට රජයට සිදුවී ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දුන් අතරම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙන්ම එම සමාගම් සමූහයට අයත් සමාගම් පසුගිය කාලය තුළ රුපියල් කෝටි 1100 කට අධික ලාබ උපයා ඇති බව කොමිසමේදී හෙළි විය. 


බැඳුම්කර ගනුදෙනු සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි රාජ්‍ය ආයතන බැඳුම්කර වෙන්දේසි වලදී ලංසු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඒ සඳහා ඉතා වාසි සහගත ලංසු ඉදිරිපත් කොට ඒවා ලබා ගැනීම හා එලෙස මිලදී ගත් ලංසු පසු අවස්ථාවලදී ද්විතියික වෙළෙඳ පොළේදී වැඩි මිල ගණන් වලට නැවත රාජ්‍ය ආයතන වලටම විකිණීම මඟින් අදාළ සමාගම ලාභ උපයා ඇති බවද කොමිසමේදී හෙළි විය. 

 



අදහස් (0)

බැඳුම්කර චෝදනා ඇති 10 දෙනෙක් අපරාධ අධිකරණයට​ ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site