IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් මෙහෙයුම් දිගටම

 

(අජන්ත කුමාර අගලකඩ)   

මහනුවර දිස්ත්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලට සම්බන්ධ වූ පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළේය.  


මහනුවර දිස්ත්‍රික්කයේ තැන් කිහිපයක සිදුවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් ඇති අතර 11 දෙනකු පමණ තුවාල ලබා ඇත.   


මේ අතර නිවාස හා වෙළෙඳසල් 51කට හානි සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.   


මහනුවර දිස්ත්‍රික්කයේ ඉකුත්දා ඇතිවූ ප‍්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ පුද්ගලයින් 10 දෙනකු ඇතුළු 146 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි කී පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඉන් 10 දෙනකු රැඳවුම් නියෝග මත දින 14ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා කොළඹට ගෙන්වා ඇතැයි කීවේය.   


මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3000ක් පමණ සහ විශේෂ කාර්ය බළකායේ 750ක් යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේය.   


මේ අතර හමුදාවේ පන්දහසක පමණ භට පිරිසක් මහනුවරට යොදවා ඇතැයි හමුදාව සඳහන් කරයි.   


ගැටුම්වලින් විනාශ වූ නිවාස හා වෙළෙඳසල් හමුදාව යොදවා අලුත් වැඩියා කිරීමට කටයුතු යොදා ඇති අතර ඒවා වෙසක් පොහොයට පෙර නිම කරන බව හමුදාව සඳහන් කරයි. 

 



අදහස් (0)

පොලිස් මෙහෙයුම් දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site