(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ අර්බුදයකට ලක්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සන්ධාන හෝ පෙරමුණ වශයෙන් තරග කිරීමේදී එක් එක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තම කෝටාව වැඩිකර ගැනීමට දරන උත්සාහයන් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂ ඇතැම් පළාත් පාලන ආයතනවල ලැයිස්තු සකස් කිරීමේදී මේ තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කීපයක නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී මෙම ගැටලුව උග්‍ර ලෙස පැන නැගී ඇති බවද දැන ගන්නට ඇත.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වූ ටෙලෝ සංවිධානයද ගිය සතියේ ඉන් ඉවත්ව වෙනම සන්ධානයක් ලෙස පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පක්ෂ ඇතුළේ නාම යෝජනා අර්බුද