(දයාසීලි ලියනගේ)
රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යන ගොඩනැගිල්ලේ මාසික කුලිය මේ මාසයේ සිට රුපියල් ලක්ෂ 245 සිට රුපියල් ලක්ෂ 252.5 දක්වා වැඩි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

අදාළ ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුමට අනුව මෙම මාසයේ සිට එහි කුලිය සියයට තුනකින් වැඩිවන අතර ඒ අනුව මෙම වැඩිවීම සිදුවේ.
මේ තත්ත්වය මත කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරයට ගෙන යාම පිළිබඳව සොයා බලන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතැයි එහි නිලධාරියෙක් කීය.
එහෙත් දැනට රාජගිරියේ ගොඩනැගිල්ල සඳහා මේ වසරට අදාළ සම්පූර්ණ කුලී මුදල ගෙවා තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් පවත්නා නීතිමය ක්‍රියාවලිය සොයා බලන ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd