(අජන්ත කුමාර අගලකඩ)
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිහකට වඩා වැඩි කළ නොහැකි බැවින් කැබිනට් ඇමැතිවරුන් පිරිසකගේ විෂය පථය කැබිනට් නොවන සහ රාජ්‍ය ඇමැතිවරුන් යටතට පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව දැනට අමාත්‍යාංශ කිහිපයකට පැවරී ඇති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ අමාත්‍යාංශ කිහිපයක් කැබිනට් නොවන සහ රාජ්‍ය ඇමැතිවරුන් යටතට පැවරෙනු ඇත.
ඒ අනුව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති ලෙස මුලින් දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතාගේ ඩිජිටල් යටිතල පහසුකම් විෂය පථය කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා යටතට පත්කර ඇත.
කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ ඇමැති ලෙස මුලදී දිවුරුම් දුන් දයා ගමගේ මහතාගේ කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය ඉවත් කර පෙරේදා (11) කැබිනට් නොවන ඇමැති ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීර මහතා යටතට පත්කර තිබේ.
සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ විෂය පථය ඉවත් කර එය කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා යටතට පත්කර ඇත. රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු සඳහා ද මේ ආකාරයටම විෂය පථයන් වෙන්කර ගැසට් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යාංශ විෂය පථයන් සංශෝධනය කර නව ගැසට් පත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුව පිහිටුවන්නේ නම් කැබිනට් මණ්ඩලය 30කට ද කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 40කට ද සීමාවනු ඇත.
කැබිනට් නොවන ඇමැතිවරුන් පස්දෙනකු රාජ්‍ය ඇමැතිවරුන් 17 දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 8 දෙනකු මේ වනවිට දිවුරුම් දී ඇත. ඒ අනුව කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු 30 දෙනෙක් මේ වනවිට පත්ව සිටිති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමැති පිරිසකගේ කොටස් ගැලවෙයි