හිරාන් ප්‍රියංකර ජයසිංහ
හලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ගත් බංගදෙනිය කාර්යාල දුම්රියට මගින් 8 දෙනෙකු පමණක් සිටි බව කියයි.
කොරෝනා තත්වය හමුවේ මාස දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවති තිබු දුම්රිය ගමනාගමනය අද (11) දින උදෑසන 5.30 ට පිටත් විම සිදුව තිබුනී.
මෙම බංගදෙනිය කාර්යාල දුම්රිය සාමානයෙන් පුත්තලම දුම්රිය ස්ථානයෙන් පිටත් විම සිදුවන නමුත් කොරෝනා තත්වය හමුවේ හලාවත නගරයේ සිට අද ගමන් කරවිමට දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.
අනුමත ලත් දුම්රිය මගින් පිරිසක් පමණක් රැගෙන යාම සිදුකර තිබු අතර ඒ සදහා හලාවත දුම්රිය ස්ථානයෙන් දුම්රියට අවසර ලැබි තිබුනේ මගින් 8 දෙනෙකුට පමණි.
වෙනදා 100 කට වැඩි පිරිසක් මෙම ස්ථානයෙන් දුම්රියන් ගමන් කිරිමට රැදි සිටිනු දැක ගත හැකි ව තිබුනී.
දුම්රිය ගමන් කිරිමට ප්‍රථම යුධ හමුදාවේ විශේෂ පරික්ෂාවකින් පසුව මගින් ඇතුලත් කර ගැනිම සිදු කෙරිණි.
ඒ සමගම දුම්රියට යුධ හමුදා ආරක්ෂාවද සපයා තිබුනී.



2025 නොවැම්බර් මස 21
14
0
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
133
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
980
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හලාවතින් කොළඹ ආ කෝච්චියේ 8 දෙනයි
Prasad Monday, 11 May 2020 07:13 AM
පිස්සුද තමයි, කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්නේ නැතිව රටෙ ජාතික ධනය නැතිකරගෙන වැඩට එනවා...
Vipul Monday, 11 May 2020 08:21 AM
මේව ඉතින් කෝච්චියෙ යන්නෙ නැති අය තමා ගෙවන්නෙ...
Kamal Koyrala Monday, 11 May 2020 08:25 AM
සාටක උප්පරවැට්ටිවලට මහජනතාව දැන් රුවටෙන්නේ නැහැ...
chandanaMonday, 11 May 2020 05:48 PM
අද 8 යි. හෙට 12 යි, අනිද්දා 16 ක් වෙයි මිනිස්සු මේකට හුරුවෙයි. අපේ රටෙත් දුමිරිය ගමන් සඳහා නවීන ක්‍රම භාවිතා කිරීමට හුරුවෙයි. දවසින් දවස මේක වර්ධනය වෙයි. හැබැයි අද අටයි කියලා හිතලා හෙට නැවැත්තුවොත් මිනිස්සු එන්නෙ නැතුව ඉදියි. කවදාවත් පටන් ගන්න බැරිවෙයි. මේ ආණ්ඩුවේ තියෙන විශේෂත්වය ඒකයි. ගන්නා තීරණ කාලීනයි. දේශීයයි. ජනහිතකාමියි. ටික ටික අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලමු. බොරුම අහල අහලා රැවටිලා හොට ඇන ගත්ත රටක බහුතර ජනතාව තමන් රැවටුනු බව තේරුම් අරගෙන නැවතත් අති බහුතරයනින් සාටකය තෝරා ගත්තේ සාටකය විශ්වාස නිසයි. ඒ නිසා කකුලෙන් ඇදලා වෙට්ටු දාලා බාධා කරන්නෙ නැතුව ඉමු..