(මහින්ද නිශ්ශංක)
හයිලන්ඩ් කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 35කින් ද කිලෝවක පැකට්ටුව රුපියල් 65කින්ද වැඩිකර තිබේ.
මේ අනුව, ග්රෑම් 400ක පැකට්ටුවක නව මිල රුපියල් 380ක් වන අතර, කිලෝවේ පැකට්ටුවක නව මිල රුපියල් 945දක්වා වැඩි වේ.
දේශීය කිරිපිටි සමාගම් සහ දේශීය කිරි ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් රජය මෙම මිලවැඩිකිරීම සිදුකර තිබේ.
COMMENTS
පිටිකිරි කවුරු වික්කත් වහ තමයි...
එතකොට පාරිභෝගික අපි පසුබසින්නද වෙන්නේ...?
එතකොට බොන මිනිස්සු දිරිමත් කරන්නෙ නැද්ද??? මිල වැඩි උනාම මිනිස්සු ගන්න එක අඩු කරනවා. අනිත් විදේශීය කිරි පිටි වල මිල ගණන් වලට දේශීය කිරි පිටි මිල සමාන වුනාම වෙන්නේ මොන කිරිපිටි ගත්තත් එකම මිල නිසා විදේශීය කිරිපිටි වුනත් ගන්න පෙළඹෙනවා මිනිස්සු. මිල වැඩි කරන්න මේ වගේ බොරු හේතු නොකියා කෙළින්ම වැඩි කරා නම් ඉවරයිනේ.
මේ මිල වැඩිවීම අසාදරනයි. මේ වසංගතය මාර්තු මාසේ පටන් ගත් නිසා වැටුප් වැඩි වීම් අහිමි වී තිබේ. එම නිසා දිගින් දිගටම කරන මිල වැඩි වීම මාස් පඩිය ගන්න පෞද්ගලික අංශයේ සේවකයන්ට දරා ගත නොහැක
පටන් ගත්තා විතරයි .
අපිව කන්න බලාගෙන ඉන්න දේශීය සහ විදේශීය පිටි කිරි ආයතන වලට කෙලවිලා යන්න කොල කැඳ බොන්න පුරුදු වෙමු...
මේ කරන්න හදන්නේ මිනිස්සුන්ට දීපූ රු 5000 ආයෙත් මිනිස්සුන්ගෙන්ම ගන්න එක. බලන්න තව ටික දවසක් යන්න කලින් තව දේවල් වල ගණන් වැඩිවේවි. මුන් කොයි එකත් එකයි අපි හැමදාම රැවටුන එකම තමයි වුනේ.
අර කිව්වත් වගේ මේ දවස්වල සීනි මිල වැඩි කලා. සැමන් පරිප්පු මිල පාලනයෙන් ඉවත් කරලා දැම්ම. දැන් හයිලන්ඩ් කිරිපිටි මිල වැඩි කරන්න අවසර දුන්න. තව මොන මොනවා වැඩි කරලද දන්නෙත් නැහැ . මැතිවරණයක් ඉදිරියේ තබාගෙන මෙහෙම මිල වැඩි කරන්නේ කෙටි කාලෙකට වෙන්න ඇති කියල හිතෙනවා. මොකද ආධාර මුදල් අරගෙන එන නැව තවම ලංකාවට ගොඩ බැහැල නැහැනේ. නැව අවහම මේ මිල ගණන් අඩු කරාවි කියලා හිතෙනවා.