IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හුබෙයි පළාතට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතට පනවා තිබූ දැඩි සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව චීනය අද (24) ප්‍රකාශ කළේය.

වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. වයිරසය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ‘ලොක්ඩවුන්’ එසේත් නැතිනම් හුබෙයි පළාතේ කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට චීන බලධාරීහු පියවර ගත්හ.

කෙසේ නමුත් විදේශවල සිට පැමිණෙන අයගෙන් වයිරසය නැවත වරක් එනම් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ ‘දෙවැනි රැල්ලක්’ ඇතිවීමේ අවදානමක් හටගෙන ඇත.

හුබෙයි පළාත මාස දෙකකට සීල් තැබිණි. ඒ අනුව ගමන්බමින් දැඩි ලෙස සීමා කළ අතර කඩසාප්පු යනාදි සියල්ල වසා දැමිණි. හුබෙයි පළාතේ දෛනික ජන ජීවිතය සම්පූර්ණයෙන්ම නැවැතුණි. සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරගත් පසු එහි වැසියන්ට පළාතෙන් පිටතට ගමන් කිරීමට හැකි වුවත් වයිරසය මුලින්ම ව්‍යාප්ත වීමට පටන් ගත් වූහාන් නගරයට පනවා ඇති සීමා ඉවත් කෙරෙන්නේ අප්‍රේල් මස 8 වැනිදා යැයි ද චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

හුබෙයි පළාත වසා දැමුණේ පසුගිය ජනවාරි මාසයේදීය. එහෙත් අවස්ථා කිහිපයකදී පනවා තිබූ සීමා ලිහිල් කර කළ අතර හුබෙයි පළාතෙන් පිටතට රැකියා සඳහා යන ජනතාවට ඒ සඳහා යෑමටත් නැවත පැමිණීමටත් ඉඩ ලබා දී තිබිණි.

පනවා තිබු සීමා ලිහිල් කළ ද හුබෙයි පළාතෙන් හෝ වූහාන් නගරයෙන් රැකියා සඳහා පිටත්ව යෑමටත් නැවත පැමිණීමටත් අවසර ඇත්තේ චීන රජය මඟින් නිකුත් කරන ‘හරිත කේතය’ ඇති අයට පමණක් යැයි ද බලධාරීහු කීහ.

කෙසේ නමුත් හුබෙයි පළාතේ පාසල් සියල්ල තවදුරටත් වසා දමන්නැයි බලධාරීහු නියෝග කර ඇත.

පසුගිය මාසයක කාලය සැලකිල්ලට ගැනීමේදී හුබෙයි පළාතෙන් මෙන්ම වූහාන් නගරයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඩු වී ඇත. වූහාන් නගරයෙන් නගරයේ සිටි අයකුට අද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ අතර එවැන්නක් වාර්තා වූයේ සතියකට පසුවය. අනෙක් සියලු සිදුවීම් විදේශයකදී වයිරසය ආසාදනය වූ සිදුවීම් යැයි ද චීන බලධාරීහු කීහ. ඊට අමතරව ඊයේ දිනය තුළ චීනයෙන් ආසාදිතයන් තිදෙනකු සොයාගෙන තිබිණි. ඔවුන් කිසිවකුත් විදෙස් ගතව සිට පැමිණි හෝ විදෙස් ගතව සිට පැමිණි අය සමඟ සිටි අය නොවන බව ද චීන බලධාරීහු කීහ.

එහෙත් අද දිනයේදී චීනයෙන් තවත් ආසාදිතයන් 74 දෙනකු වාර්තා විය. ඔවුන් සියලුදෙනාම විදේශයකදී වයිරසය ආසාදනය වී චීනයට පැමිණ අය යැයි චීන සෞඛ්‍ය බලධාරීහු කීහ. චීනය කොරෝනා වයිරසය පාලනය කිරීමට සමත් වුවත් විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් නිසා වයිරසය නැවත වරක් පැතිර යෑමේ බියක් සහ අවදානමක් නිර්මාණය වී තිබේ.

අද දිනයේදී චීනයෙන් කොරෝන මරණ හතක් වාර්තා වූ බවත් මියගිය සියලු දෙනා වූහාන්වල වැසියන් බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේය.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

හුබෙයි පළාතට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site