ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම පැනවූ ‘හදිසි නීතිය’ තවදුරටත් දීර්ඝ කරන්නැයි ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ ඉල්ලීමක් කර ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් ජපානය එරට හදිසි නීතියට අදාළව ඇති නෛතික ප්‍රතිපාදන සංශෝධනයකට ද ලක් කළේය.
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නැයි ඉල්ලූ ටෝකියෝ ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් නිවසේ රැඳී සිටින්නැයි ද සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නැයි ද ඉල්ලා සිටියාය.
‘‘ටෝකියෝ නුවර තවමත් අවදානමේ. ඒ නිසා හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කළ යුතු’’ යැයි මාධ්‍යවේදීන් හමුවේ ආණ්ඩුකාරවරයා කීවාය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ එරට තුළ හදිසි නීතිය ප්‍රකාශ කළේය. එය මැයි මස 6 වැනිදා දක්වා බලපැවැත්වේ.
අල්ජසීරා
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.