( හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ (31) දින සිට දින 14 ක ස්වයං නිරෝධානයකට යොමු කළ බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.
කොවිඩ් 19 වයිරසය ආසාදනය වු දේව ගැතිවරයෙක් පසුගිය දා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණි දේව යාඥාවක් පවත්වා ආහාර මලු බෙදා දි එම දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු විමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
එම දේවස්ථානයේ රැදි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර , එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හදුනාගත නොහැකි වී ඇත.
එම ප්‍රදේශයට වෙලදකලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් , එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කළ බව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.


2025 නොවැම්බර් මස 17
103
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
943
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හැටන් දික්ඔය පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට