(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ,හතමුණ ප්‍රදේශයේ පිහිටා තිබෙන බාලිකා ළමා නිවාසයෙක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙකු ඊයේ (04)රාත්‍රී සිට අතුරුදන්ව ඇති බවට අද(05)පැමිණිලි ලැබී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
එහි පාලිකාව විසින් පොලීසියට කරඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ තම බාලිකා ළමා නිවාසයේ නේවාසිකව සිටි දැරියන් 04 දෙනෙකු ඊයේ(04) රාත්‍රී කිසිවෙකුටත් නොදන්වා හොර රහසේ ළමා නිවාසයෙන් නික්ම ගොස් ඇති බවට සැක කරන බවයි.
ඔව්හු අවුරුදු 14,15,16 යන වයස් කාණ්ඩවල පසුවූ අය බවද කියති.
අතුරුදන්ව සිටින මෙම දැරියන් හතර දෙනා සෙවීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි හිඟුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රාදේශීය දේශපාලුවන්ගෙන් විමසා බැලුවොත් හොඳයි නේද? තංගල්ල පැත්තෙන් අල්ලාගන ගියාද කියන්නත් බැහැ!
ඉක්මනට හොයාගන්න , නැත්නම් ප‍්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට අහු උනොත් ඉවරයි...
මේ දිනවල පවත්නා තත්වය මත නඩත්තුව ගෙනයාමට අපහසු ඇති. කාර්යය මණ්ඩල වැටුප් ගෙවීමත් ආහාර සදහාත් බෙහෙත් ආදියටත් විශාල මුදලක් අවශ්‍ය වෙනවානේ. මෙම තත්වය අළුත් නිවාස සදහා වැඩිපුරම බලපානවා. එවැනි නිවාස සදහා ආධාර ක්‍රමයක් ඇත්නම් මේවා නොවෙන්න පුළුවන්.(කාගේ හෝ උදව්වක් නැතිව ළමුන් 4 දෙනෙකුට ඇදිරි නීතිය තිබියදී පැනයාමට හැකිවේද ?)
ඉස්සර සමන් කුමාර - මතුගම , කොයිතරම් මිනිසුන්ගේ හදවත් කම්පාවට ලක්වුණාද? එත් අද ?
ප‍්‍රාදේශීය මන්ත්‍රීලාගේ තත්ත්වය මැනවින් වැටහෙනවා. ඒත් චන්දෙන් දිනනවා.
එහෙම වෙන්නේ කොහොමද අනේ...? ඇඳිරි නීතිය තියෙද්දී. අනික පාරේ බසුත් නැහැනේ. ඉස්සෙල්ල බලන්න පොලිසියෙන් අල්ලගෙනද කියල. නැත්නම් අහල පහල ගෙදරකද කියලා. ඇඳිරි නීතිය කැඩුව කියලා 46,000ක් අත් අඩංගුවට අරන් තියෙන්නේ... දවල් නම් ඉතින් පොලිසියේ නැතුව ඇති. කවුරු හරි ඔතනට යන එන කෙනෙක් සම්බන්ධ ඇති. රටේ හැමතැනම මහා භයානක දේවල් අහන්න ලැබෙනවා. පොලිසිය ඉක්මන් කලොත් හොඳයි.
අන්තවාදීනුත් ඔය වැඩේ කරනවා. හොයලා බලයිද කියලයි සැක
මෙහි සිටින ළමයින් ගැන නිසි සැලකිල්ලක් තිබිලා නෑ වගේ. කෙසේ වෙතත් පාලිකාවගෙනුත් දැඩිව ප්‍රශ්න කලොත් හොදයි.
ආයෙත් පටන් අරගෙන වගෙයි.....
ගෙදෙරින් එලියට බහින්න බැහැ කන පැලෙන්න දවස පුරාම පිරිත්. සද්දේ විතරයි.
කෑගල්ල පැත්තේ ගියාද?