(සුජිත් හේවාජුලිගේ)
සහල් සඳහා රජය උපරිම සිල්ලර මිලක් පනවනු ලැබ ඇත.
ඒ අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් 90 කටද නාඩු සහල් කිලෝවක් රුපියල් 90 කටද සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 85 කටද අළෙවි කළ යුතුව තිබේ.
කීරි සම්බා කිලෝවක් රුපියල් 125 කටද අලෙවි කළ යුතු වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
මෙම මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක කෙරිණ.
රජය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවනු ලැබ ඇත්තේ පවතින තත්ත්වය හමුවේ පිඩාවට පත්ව සිටික ජනතාවට සහනයක් සැලසීම සඳහා බවද රජයේ ආරංචි මාර්ග වලින් කියැවේ..
COMMENTS
ඉතින් ගමේ, කොළඹ සිල්ලර කඩේ ඔය ගානට දෙන්න බැහැ කිව්වොත් මක් කරන්නද..? කියන ගාණට අරන් යනවා මිසක්.. එහෙම නැත්නම් සතොස ලොරි යවන්න ප්‍රදේශ අනුව උපරිම 5kg පවුලකට... නැතිනම් තෙල් මිල අඩු වුණෙත් නැ, පරිප්පු ගන්නත් නැ.... වගේ තත්වයක් උදා වෙන්නේ...
රටේ මිනිස්සු එක දවසක් බඩගින්නෙ තියන්නෙ නෑ... හාල් මම නිකන් දෙනවා ජනාධිපතිතුමනි කිව්ව කෙනාට අනේ නිකන් එපා මේ වෙලාවෙ රට ගැන හිතලා තව රුපියල් 10 ක් අඩුකරලා දෙන්න කියලා බලමුද?
අනේ මේ පාලන මිලවල් තියෙන්නේ මාධ්‍යවල විතරයි කඩයකට ගියහම ඔය කිසිම හාලක් ඔය ගණන් වලට නැහැ. අහිංසක මිනිස්සු ගිනි ගණන්වලට තමයි හාල් අරගෙන එන්නේ....
අපි ඉන්නේ කිරිබත්ගොඩ ගැමුණු මාවතේ...
රජය කීවට ඒ ගණන් වලට කොහෙන්ද ලැබෙන්නේ දුප්පතාව හූරන්කන්න බලන්නෙ...?