(ඩී.ජී.සුගතපාල)
ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළ පුද්ගලයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (14) රුපියල් 10,000 දඩයක් නියම කළාය.
මෙසේ දඩ නියම වුයේ ගාල්ල හිරිඹුර පටුමග පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුටය.
මෙම පුද්ගලයා සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ රියදුරෙක් වන අතර සංචාරකයින්ට කොරෝනා වැළඳි ඇති බවට වු සැකය මත කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තම අධික්ෂණය යටතේ ඔහු මාර්තු මස 30 වනදින සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
එහෙත් ඔහු ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් ඒ පිළිබඳ අද අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු ඒ පිළිබඳ සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යාමටත් මේ සම්බන්ධ නඩුව අද දින කැඳවිමටත් නියම කළාය.
ඒ අනුව පොලිස් ආරක්ෂාව යටතේ මොහු එදිනම සවස සුව සැරිය ගිලන් රියකින් හිරිඹුර ඔහුගේ නිවසේ සිට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදී.
කොවිඩ් 19 රෝග පැතිරි යන කාලයේදි නිවස තුල ස්වයං නිරෝධායනය වන ලෙස කරන ලද ආඥාවට අකීකරුවිම සහ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දි තිබියදි නිවසේ රැඳි නොසිට රෝග පැතිවිය හැකි ලෙස නොසැළකිලිමත්ව ක්‍රියා කරමින් අසල නිවාස වෙත සංචරණය කිරිම යන චෝදනා දෙක යටතේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ 136(1)(ආ) වගන්තිය අනුව මෙම නඩුව පවරා තිබිණ.
ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්වන එල්.එල්.ඉන්දික චාමින්ද සහ චිරන්ත ගුරුගේ යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
2025 දෙසැම්බර් මස 04
142
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්වයං නිරෝධායන නීති කඩ කළාට 10,000 ක් දඩ
jayath Thursday, 14 May 2020 11:11 AM
මෙ වගේ එවුන් යවන්න හොදයි අඹෙවෙලට...