(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයේ තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටි විදේශිය ජාතිකයින් 11 දෙනෙකු ස්වයං නිරෝධන කාලය අවසන් විමෙන් පසු සිය රටවලට ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
විවිධ රටවලින් පැමිණි විදේශිය ජාතිකයින් 18 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්ව සිටියහ.
මේ වනවිට ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිනේනේ විදේශිය ජාතිකයින් හත් දෙනෙකු බව වරාය පොලිසිය පවසයි.
ජර්මන් ජාතිකයින් 02 දෙදෙනකු, රුසියානු ජාතිකයින් 2 දෙදෙනකු හා චෙක් ජාතිකයින් 03 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිති.
ඔවුන්ගේ නිරෝධායන කාලය මෙම මස 31 වැනිදින වනවිට අවසන්විමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි. විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙකු ද සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd