IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරවී සිටි 319ක් අදත් ලංකාවට රැගෙන එති

( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 3 ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකෙරිණි.

මගීන් 319දෙනකුට එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහය ලැබුණු අතර, ගුවන් යානා 5 ක් යොදා ගැණිනි.

පළමුව, ගුවන් මගීන් 221 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය එංගලන්තයේ ලන්ඩන් නුවර, හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දහවල් 12.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. එයින් පැමිණි මගීන් පිරිස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 866 දරන ගුවන් යානයෙන් අද 15 දින සවස 3.00 ට චීනයේ ෂැංහයි නුවර වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හරිනු ලැබිණි.

ඉන් අනතුරුව කොරෝනා වසංගත රෝගී තත්වය නිසා චීනය වෙත යෑමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ,  සවස 3.47 ට මාලදිවයින් ගුවන් සේවයට අයත් කිව්.2- 6940 දරන ගුවන් යානය මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඊට අමතරව තවත් එවැනිම ගුවන් මගීන් 63 දෙනෙකු රැගෙන සවස 5.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානය ද මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මාලදිවයිනේ සිට ආ එම ගුවන් මගීන් චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව යන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන්  රාත්‍රී 8.30 රැගෙන යෑමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 237 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය හෙට 16 දින අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



අදහස් (5)

සිරවී සිටි 319ක් අදත් ලංකාවට රැගෙන එති

Achini Friday, 15 May 2020 02:53 PM

අනේ මන්දා... චීනුන්ව ගේනවා... අපේ ලංකාවෙ අය අ හිරවෙලා ඉන්නවා මැදපෙරදිග අයව ගේන්නේ නැහැ.

:       0       0

Rasika sanjeewa Friday, 15 May 2020 03:01 PM

ඇයි මෙ ලංකා රජයෙන් මාලදිවයින ඉන්න ලංකාවෙ අය ගේන්නේ නැත්තෙ? මාලෙට ඇවිත් වෙන රටවල් වල කට්ටිය අරගෙන යනවා. මෙහෙ අද හවස වෙනකොට කෝවිඩ් 19 ඉන්නවා...

:       0       0

Max Friday, 15 May 2020 05:39 PM

අපිව අමතක කරලා, ආණ්ඩුවට ගොඩක් ස්තුතියි... අපි රටක් නැති ජනතාවක් කළාට ...මැදපෙරදිග අපි වෙනුවෙන් පක්ෂ විපක්ෂ රතු, කොළ, නිල්, කහ කවුරුත් නැහැ...

:       0       0

Ravindra Silva Saturday, 16 May 2020 03:30 AM

සීමිත" ඒ වචනය හරියටම හරි. ඔය කියන මෙහෙයුමෙන් ගලවා ගන්නේ දේශපාලකයන්ට දුරින් හෝ සම්බන්ධකම් තියෙන අය පමණයි. ඉතාම වගකීමෙන් සහ කලකිරීමෙන් කියන්නේ, මාලේ අගනුවර ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයන් දාහකට වඩා හිරවෙලා ඉන්නවා. ඔය කියන ප්ලයිට් එකේ ගෙනාවේ එම්බසි එකේ ලිස්ට් එකකට ලඟම සම්බන්ධකම් තියෙන අය විතරයි. ටිකටින් ඒජන්සි ඇරලා තිබ්බත් එම්බසි එකේ අවසර නැතුව, ශ්‍රී ලන්කන් පාස්පෝට් හිමියන්ට ශ්‍රී ලන්කන් එයාලයින් ටිකට්ස් විකුනන්නේ නැහැ. එම්බසි එක වහලා. අඩුම තරමින් ටෙලිපොන් ආන්සර් කරන්නෙත් නැහැ.

:       0       223

shanthini Saturday, 16 May 2020 06:04 AM

ඩුබායි ඉන්න ශ්‍රමිකයන්ට කවදද යන්න ලැබෙන්නේ?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site