( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යයස්ථානයක් ලෙස යොදා ගන්නා බව බණ්ඩාරගම සෞඛය සේවා කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 44 දෙනෙකුට ප්‍රතිකාර ලබා දිය හැකි බව මෙම ආරංචි මාර්ග පවසයි.

රිටිගල යුද හමුදා කදවුරේ නිලධාරීන් භාරයේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ඇත.